leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් ජාතික කණ්ඩායමට රට පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් එක්වෙමින් පවතින බවත්, තමා ක්‍රීඩා කළ මුල් අවධියට වඩා ඉතා ඉහළ තත්ත්වයක් අද වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇති බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසන්නීය. 

 

අද (17) පෙරවරුවේ බංග්ලාදේශ සංචාරය සඳහා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇය අවධාරණය කළේ 19න් පහළ කණ්ඩායම හා ‘ඒ‘ කණ්ඩායම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර අනාගතයේදී ශක්තිමත් කණ්ඩායමක් බිහි කිරීමටත් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමටත් මහඟු පිටුවහලක් වන බවයි. 

මෙම බංග්ලාදේශ සංචාරයේදී පැවැත්වෙන එක්දින තරග තුන ඊළඟ ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ඉතා තීරණාත්මක වන බැවින් එම තරගාවලිය ජය ගැනීම තම කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව බවද ඇය සඳහන් කළාය.

 

56u5neu6u

විශ්මි ගුණරත්න මෙවර තරගාවලියට එක් නොවන අතර ඒ වෙනුවට දක්ෂතා අතර සිටින හංසිමා කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ. නව පුහුණුකරුගේ මඟපෙන්වීම යටතේ පවර් හිටින් (Power Hitting) සහ පන්දු රැකීමේ අඩුපාඩු සකසා ගැනීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසූ නායිකාව, තමා මේ වන විට අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මැහුම් නවයක් දමා සිටින බැවින් පළමු තරග කිහිපයට සහභාගී වීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගන්නා බවද පැවසුවාය. 

තවදුරටත් ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කරන ලෙස පුහුණුකරු ඉල්ලා සිටියද, තමාගේ අනාගතය පිළිබඳ තීරණය ශාරීරික යෝග්‍යතාවය මත පදනම්ව තරගාවලියෙන් තරගාවලියට ගැනීමට බලාපොරොත්තු වන බවයි. අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන මෙම සංචාරයේදී එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.

 gh9869690

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්