leader s

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක පදක්කම් පිරිනමන වේදිකාව හරහා ශ්‍රී ලංකා ජාතික ගීය ප්‍රථම වතාවට ඊයේ දෝංකාරය වෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස වේදිකාව මුදුනේ ආඩම්බරයෙන් සිටගෙන සිටියා.

චීනයේ සන්යා වෙරළබඩ නගරයේ පැවති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා මල්ලවපොර කිලෝග්‍රෑම් 50 බර පන්තියේ තරග වැදුනු නිපුනි වාසනා මේ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ට එකම රන් පදක්කම දිනා දීමට සමත් වුණා. මෙහි වඩාත්ම විශේෂත්වය වූයේ නිපුනි දිනා ගත් පදක්කම ඔ්නෑම ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ට හිමිවූ පළමු රන් පදක්කම වීමයි.

1777430910 Nipuni Wasana Gold Beach Wrestling Asian Beach Games Sanya 6
අවසාන තරගයේදී ඇය වෙතින් වට 3-0ක පරාජයක් ලැබුවේ වියට්නාමයේ ඩෝන් ති කිම් ඔ්න් ක්‍රීඩිකාව. නිපුනි අවසාන තරගයට පිවිසියේ ජපානයේ යානො ෆූනා වට 4-0කින් පරාජය කරමින්.

මේ ‌ෙඑතිහාසික රත්තරං ජයග්‍රහණයෙන් පසුව නිපුනි වාසනා මෙසේ කියා සිටියා: “මෙය මගේ පළමු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලයි. පළමු අවස්ථාවේදීම රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වීම ගැන මට හරි සතුටුයි. මම මේ වෙනුවෙන් ඇත්තටම පුහුණු වුනේ මාස හයක කාලයක් පමණයි. මට පුහුණු වෙන්න සහාය දුන් හැම දෙනාටම මම මගේ ස්තූතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඇත්තටම මම අද මෙතන ඉන්නේ මගේ තාත්තා නිසයි. තාත්තා වගේම තමයි මාස්ටර්. මම අවුරුදු හතක් තිස්සේ ඉන්නේ මාස්ටර්ලගේ ගෙදර. මාස්ටර් මට හැම දෙයක්ම දීලා මාව බලා ගත්තා. ඒකට මම මාස්ටර් ට ගොඩක් ස්තූතිවන්ත වනවා.”

මේ අවස්ථාවේදී තමා ස්තූතිවන්ත විය යුතු ආයතන කිහිපයක් ද තිබෙන බව නිපුනි වාසනා ප්‍රකාශ කළා.

“ශ්‍රී ලංකා රජය, ක්‍රීඩා අමාත්‍යංශය, ඔලිම්පික් කමිටුව, මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ක්‍රීඩා වෛද්‍ය ඒකකය යන ආයතන ඇතුළු අනෙකුත් සියලුම නිලධාරීන්ට මම ස්තූතිවන්ත වනවා.”

nipuni wasana

තමාගේ ඊළඟ ඉලක්කය ආසියානු ක්‍රීඩා උළෙල බව රන් පදක්කම්ලාභිනිය පැවසුවා: “මම ඒ වෙනුවෙන් මගේ උපරිමයෙන් පුහුණු වී උපරිම තැනට යන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වෙලා‌වේ ශ්‍රී ලංකාවේ මල්ලවපොර සම්මේලනයේ සභාපතිතුමාව විශේෂයෙන් මතක් කළ යුතුයි. මොකද, එතුමා මට මේ තරගාවලියට සහභාගි වෙන්න පෞද්ගලිකව මුදලින් සහයෝගයක් ලබා දුන්නා. ඒක මට ලොකු පිටුවහලක් වුණා!”


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්