leader s

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.


අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව්‍ය ව්‍යයවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාව්‍යය, දූෂණ විරෝධය සහ ව්‍යෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට තම කණ්ඩායම කැපවෙන බවද ඔහු කියා සිටී.

 

දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි ඇති මහජන විශ්වාසය යළි ගොඩනැගීමට හැකි බවද ඔහු විශ්වාසය පළකරයි.

 

ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා අව්‍යශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරහි අවධානය යොමු කරන බවද වත්මන් ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලම තලයට යළි රැගෙන එන බවද ඔහු කියයි.

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ක්‍රිකට් රසිකයෙකු ලෙස ද  ක්‍රීඩාව සමග සම්බන්ධව සිටි තමන්ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහ මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම භාග්‍යක් ලෙස සලකන බවද ඉරාන් වික්‍රමරත්න සඳහන් කරයි. එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකන බවද ඔහු කියයි.  

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය මෙන්ම නිර්මාණාත්මක විවේචනද තමන් අපේකෂා කරන අතර ක්‍රීඩාලෝලීන්ගේ උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට ප්‍රතිඥා දෙන බවද ඔහු සඳහන් කර සිටියි.

 wct354yt54ybyj

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කරනු ලැබිය. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඊයේ (අප්‍රේල් 29) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊට අදාළ පත්වීමේ ලිපි ප්‍රදානය කළේය.

 

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගනු ලැබූ අතර, ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ගනු ලබන්නේ, ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසිනි.

ඊයේ  දිනයේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර පත් කර ඇත. මීට අමතරව නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර්, අවන්ති කොළඹගේ සහ ඩිනාල් ෆිලිප්ස් ද අතුරු කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

c45w4v46y5brgt

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්