leader s

කොළඹ හෝටලයක ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළා යැයි කියන චෝදනාව මත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ESPNcricinfo වාර්තා කරනවා. සිද්ධිය ඇතිව තිබෙන්නේ ක්‍රීඩකයින් නැවතී සිටි නාරාහේන්පිට හෝටලයක.



නානකාමර ඇතුළේ සිටියදී ජංගම දුරකථනවලින් තමන්ව රූගත කළ බවට හෝටලයේ ලැගුම් ගෙන සිටි කාන්තාවන් විසින් පැමිණිලි කිරීමෙන් පසුවයි මේ ක්‍රීඩකයින්ව මේ සතිය මුලදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ක්‍රීඩකයින් දෙදෙනා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප මත මුදා හැර ඇතැයි වාර්තා වනවා.

ඔවුන් විසින් රූගත කරනු ලැබුවේ යැයි කියන වීඩියෝ මාර්ගගතව බෙදා හරිනු ලැබුවේ ද යන්න පිළිබඳව නාරාහේන්පිට පොලිසිය දැන් පරීක්ෂණ පවත්වනවා.

මේ ක්‍රීඩකයින්ව ඔවුන්ගේ මූලික නඩු ඇසීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ අතර ඔවුන් නැවත මැයි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමක් පිළිබඳව නිවේදනයක් කර නැහැ. එම ආයතනය හිටපු නිලධාරීන්ගේ ඉවත් වීම හා පරිවර්තන කමිටුවක් පත් කිරීම නිසා දැන් වෙනස් වීමකට ලක්ව සිටිනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්