පෙට ව්ලාකාස්කී (Petr Vlachovsky) කාන්තා පාපන්දු ක්ෂේත්‍රයේ අනාගත දක්ෂ පුහුණුකරුවෙකු සහ චෙක් සමූහාණ්ඩුවේ හොඳම පුහුණුකරුවෙකු ලෙස ගෞරවය දිනාගෙන සිටියා.
චෙකොස්ලොවේකියාවේ වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වූ ඔහු 1. FC Slovacko නමැති පළමු පෙල පාපන්දු සමාජයීය කණ්ඩායම චැම්පියන්ස් ලීගයට ගෙන යමින් ඉක්මනින් ශක්තිමත් කීර්තියක් ගොඩනගා ගත්තා.
ඉක්බිති, 2025 වසරේදි, අපරාධ අධිකරණයක් විසින් ඔහුව වරදකරු කළේ ඔහුගේ ක්‍රීඩිකාවන් 15 දෙනා (ළාබාලතම කෙනාගේ වයස 17යි) ඇඳුම් මාරු කරන කාමරවල (ඩ්‍රෙසිං රූම්ස්) ඇඳුම් ඉවත් කරමින් හා ස්නානය කරමින් සිටින විට හොර රහසේ ඔවුන්ව රූගත කිරීම සම්බන්ධයෙන්. මේ පුහුණුකරුවා ඔහුගේ පිටේ එල්ලාගෙන ගිය බෑගයක සඟවා ගෙන සිටි කුඩා ප්‍රමාණයේ කැමරාවක් උපයෝගී කර ගනිමින් සිවු වසරක් තිස්සේ මේ ක්‍රියාවේ නියැලී සිටි බවට ඔප්පු වී තිබෙනවා. ළමා අසභ්‍ය පොතපත ද ඔහුගේ කොම්පියුටරයේ තිබියදී සොයා ගැණුනා. ඔහුට වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුනු අතර ඔහුගේ මේ ක්‍රියාවට ගොදුරු වූ 13 දෙනෙකුට ඩොලර් දහසකට මඳක් අඩු මුදලක් (පවුම් 700ක් පමණ) බැගින් වන්දියක් පිරිනැමුනා.

මේ ආකාරයේ වරදකින් කෙනෙකුගේ පුහුණුකරු දිවිය අවසන් විය යුතු වීම සිද්ධාන්තයක්. යථාර්ථය වන්නේ මෙවැනි ක්‍රියාවකින් පුහුණුකරු රැකියාවේ අවසානය සනිටුහන් වීම. ව්ලාකාස්කීගේ ක්‍රියාවන්ට වැරදිකරු වන පුද්ගලයෙකුව තමන්ගේ පුහුණුකරු ලෙස පත් කරගන්නේ ඉතාමත් ස්වල්ප කණ්ඩායම් සංඛ්‍යාවක් පමණයි. එහෙත් නීතියේ තිබෙන සිදුරු නිසා ඔහුට චෙකොස්ලොවේකියාවෙන් පිටත පාපන්දු ලෝකයේ දිගටම කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ ප්‍රායෝගිකව ඔහුට තවමත් පුහුණුකරුවෙකු ලෙස රැකියාව කිරීමට සුදුසුකම් ඇති බැවින්.
ඔහුගේ අත්හිටවූ සිරදඬුවමට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමේ පස් අවුරුදු තහනමක් ද ඇතුළත්ව තිබුනත් එය බලපාන්නේ චෙක් සමූහාණ්ඩුවට පමණයි. මේ අනුව ලෝකයේ වෙනත් රටවලදී පාපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය ද (UEFA) ඔහුගේ පුහුණුකරු ලාංජනය උදුරා ගෙන නැති බැවින් යුරෝපයේ හෝ ඈත විදේශයන්හි පාපන්දු සමාජ විසින් ඔහුව සේවයට ගැනීම නතර කිරීමට සාමාන්‍ය ශිෂ්ට බවට එහා යන වෙනත් බාධාවක් නැහැ. මේ හේතුවෙන්, ඔහුගේ ඉලක්කයන් බවට පත්වූ කාන්තාවන් තුළ මහත් පිළිකුලක් හටගෙන තිබෙනවා.
මේ ක්‍රීඩිකාවන්ගෙන් සමහරු ව්ලාකාස්කී ට එරෙහිව තිබෙන චෝදනා පළමු වරට දැනගත් අවස්ථාවේ ශාරීරික වශයෙන් අසනීප වුනා. වහාම ඔහුගෙන් මිදී යා යුතු බව තව සමහරුන්ට හැඟුනු අතර තවත් ක්‍රීඩිකාවන් මනෝවිද්‍යාත්මක සහාය පැතුවා.
ලෝකයේ අනෙක් රටවල සිටින ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම පිණිස ව්ලාකාස්කී ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලෙසට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) කෙරෙන ඉල්ලීම්වලදී ගෝලීය ක්‍රීඩකයින්ගේ සංගමය වන FIFPro පෙරමුණ ගෙන සිටිනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







