leader s

එංගලන්තයේ වෙසෙන ඉන්දියානු දෙදරු මවක් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.


ස්ටෝක්පෝට් නගරයේ පදිංචි 46 හැවිරිදි මධුස්මිතා ජෙනා (Madhusmita Jena) පසුගිය ඉරිදා පැවති මැන්චෙස්ටර් මැරතන් තරගය පැය 3යි මිනිත්තු 45කින් අවසන් කරමින් කලින් තිබූ වාර්තාව මිනිත්තු 12කට වැඩි කාලයකින් බිඳ දැමීමට සමත් වුණා.

ජෙනාගේ ඉලක්කය වී තිබුනේ ඔ්නෑම ජනවාර්ගික පසුබිමක් තිබෙන කාන්තාවකට තමන්ට පහසු යැයි දැනෙන ඇඳුමකින් රේස් දිවීමට හැකි බව පෙන්වීමයි. තරග දිනයේ තමන්ට ලැබුනු මවිත කරවන සහයෝගයෙන් තමා ඉතාමත් සතුටට පත්ව සිටින බව ඇය කියා සිටියා.

rte4trgr5

 

ස්ටොක්පෝර්ට් හා මැන්චෙස්ටර් වැනි නගරවල සිටින දකුණු ආසියානු පෙළපතක් තිබෙන අනෙක් ජනතාවගෙන් තමාට සුභපැතුම් පණිවුඩ ගලා ආ බව පවසන ජෙනා, තමා මෙන් දිවීමට ඔවුන්ටත් දැන් උවමනා වී ඇතැයි ඒ සියලු දෙනා කියා සිටි බව සඳහන් කරනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරියක වන ජෙනා මේ වන විට මැරතන් තරග 42ක් ධාවනය කර තිබෙන අතර ඉරිදා තරගයේදී ඇය මකා දැමුවේ 2018  වසරේ සැප්තැම්බරයේ ජර්මනියේදී ක්‍රාන්ති සල්වි නමැති ඉන්දියානු කාන්තාව බර්ලින් මැරතන් තරගය පැය 3යි මිනිත්තු 57යි තත්පර 7කින් ධාවනය කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

35y45

 

මැන්චෙස්ටර් මැරතන් තරගය නැරඹීමෙන් පසුව තමන්ගේ බිරින්දෑවරුන්ටත් රේස් දුවන්න අවශ්‍යව තිබෙන බව ඉන්දියා ජාතික පිරිමින් කියා සිටි බව ජෙනා ප්‍රකාශ කරනවා.

මේ තරගයේදී ඇයට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් උපකරණ වෙනුවෙන් පවුම් 2,300ක මුදලක් එකතු කර ගැනීමට ද හැකිවුණා.

 



warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්