leader s

ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග පැවැත්වෙන අමෙරිකානු නගරවල තිබෙන අවන්හල් (රෙස්ටෝරන්ට්) ටිප් එකක් දීම අනිවාර්ය කිරීමට සැලසුම් කරගෙන යනවා.


මිලියන ගණන් විදෙස් ක්‍රීඩා ලෝලීන් සමග ගනුදෙනු කිරීමට සූදානම් වෙමින් සිටින අමෙරිකානු අවන්හල්, එම ආගන්තුකයින් අමෙරිකාවේ තිබෙන සන්තෝසම් මුදලක් ලබා දීමේ සිරිතට හුරුපුරුදු නැති නිසා ඔවුන් ටිප් (tip) එකක් නොදෙනු ඇතැයි යන බියෙන් පසුවනවා.

මේ හේතුවෙන්, තරගාවලියේ සත්කාරක නගර හරහා ඇති අවන්හල් ඔවුන්ගේ බිල්පත්වලට ඉබේ එකතු වන සියයට 20ක් දක්වා වූ සේවා ගාස්තුවක් නියම කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

fifa world cup
2026 ‌ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙතෙක් පැවැත්වුනු වඩාත්ම මිල අධික ක්‍රීඩා ඉසව්ව ලෙසින් හැඳින්වෙනවා.

ඉතාමත් වේගයෙන් ඉහළ නගින ගුවන් ටිකට්, නවාතැන් හා සංචාරක වියදම්වලට දැනටමත් මුහුණ දී සිටින ක්‍රීඩා ලෝලීන්ගේ පසුම්බියට ආහාර ගැනීමේදී වැඩිවන ‌ටිප් මුදල මගින් තවත් අමතර වියදමක් එක් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරග හයකට සත්කාරකත්වය දක්වන කැන්සාස් සිටි හා මිසොරි නගර මේ දින හතළිහේ තරගාවලිය අතරතුරේ ආගන්තුකයින් 650,000ක් පිළිගන්නවා.

අනිවාර්ය ටිප් එකක් නියම කරන ලෙසට මිසොරි රෙස්ටෝරන්ට් සංගමය නගරයේ අවන්හල් දිරිගන්වා තිබෙන්නේ ඒවායේ සේවකයින්ට ඇත්තෙන්ම ටිප් එකක් ලැබෙන බවට තහවුරු කර ගැනීමටයි.

 

tip
අමෙරිකාවේදී, විශේෂයෙන් අවන්හල්වලින් කෑම ගන්නන් ඔවුන්ගේ ආහාර ගැනීම අවසානයේ සෑහෙන ටිප් එකක් පිරිනැමීම පුළුල් ලෙස අපේක්ෂා කෙරෙන අතර මේ විශාල  සන්තෝසම් මුදලක් ලබා දීමේ ‘ටිප් සංස්කෘතිය’ දැන් ක්‍රමක්‍රමයෙන් එංගලන්තය ට හා ඔස්ට්‍රේලියාව වැනි රටවලට ද එමින් තිබුනත් එය යුරෝපීය හා ආසියානු බොහෝ රටවලට තවමත් අසාමාන්‍ය දෙයක් වී තිබෙනවා.

නගරයේ අවන්හල් සියයට 18 සිට 22 දක්වා පරාසයක වන ගාස්තුවක් ඔවුන්‌ගේ බිල්පත්වලට ඉබේ එකතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ලෝක කුසලාන තරග හතක් පවත්වන බොස්ටන් නගරය ද මීට සමාන පියවරයන් ගැනීමට සලකා බලමින් සිටිනවා. එම නගරයේ සමහර රෙස්ටෝරන්ට් ක්‍රීඩා ලෝලීන්ට පමණක් වෙන් කළ අනිවාර්ය සේවා ගාස්තුවක් නියම කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටිනවා.

ලෝක කුසලාන තරගයක් සහ තරගාවලියේ අවසාන තරගයට සත්කාරකත්වය දක්වන නිව් ජර්සි නගරය වෙනස් ආකාරයේ පිවිසීමකට යොමුව සිටිනවා.

එම නගරය විවිධ ජාතීන් ටිප් ලබා දෙන ආකාරයේ තිබෙන සංස්කෘතික වෙනස්කම් පිළිබඳව වෙළඳ ව්‍යාපාර දැනුවත් කිරීම කේන්ද්‍ර කරගෙන සිටිනවා.

 

hotel checkin

පසුගිය දෙසැම්බරයේ ලෝක කුසලාන තරග කුසපත් ඇදීමෙන් පසුව අමෙරිකාවේ සත්කාරක නගරයන්හි හෝටල ගාස්තුවල සියයට 300කට වැඩි ප්‍රමාණයක වැඩි ඉහළ යාමක් සිදුව තිබෙනවා.‌

මේ අතර, ලොස් ඇන්ජලීස් නගරයේ ඇති ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් අනුමත කර තිබෙන සමහර රථ ගාල්වලින් අයකරන මුදල තරගයක ප්‍රවේශ පත්‍රයක මිලට වඩා වැඩි වනු ඇතැයි පැවසෙනවා.

ඉරාන යුද්ධය හේතුවෙන් ජෙට් යානා ඉන්ධන වියදම් සියයට 85කින් ඉහළ නැග තිබෙන බැවින් ජාත්‍යන්තර ගුවන් ටිකට් මිල ගණන් ද දෙගුණයකට වඩා වැඩිවී තිබෙනවා.

තමන්ගේ කණ්ඩායම පසුපස යන සමහර පාපන්දු ලෝලීන්ට අවම වශයෙන් ඩොලර් 34,000ක මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. තරග ප්‍රවේශ පත්‍ර සාධාරණ මිලකට ලබා දෙන ලෙසට එංගලන්ත අගමැතිවරයා FIFA ප්‍රධානීන්ට ආයාචනය කර තිබුනත් එය බීරි අලින්ට වීණා වැයීමක් බවට පත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්