leader s

ඉන්දියාවේ නැගී එන පිතිකරු 15 හැවිරිදි වයිභාව් සූර්යවන්ශිව ළමා බැල මෙහෙවරේ යොදා ගන්නා බවට සමාජ ක්‍රියාකාරිකයෙකු චෝදනා කරනවා.

මේ හේතුවෙන්, ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) රාජස්තාන් රෝයල්ස් (RR) කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින සූර්යවන්ශි එම ෆ්‍රැන්චයිසයට එරෙහිව තර්ජනය කෙරෙන FIR සිද්ධියකට මැදිව සිටිනවා. (FIR යනු වයස අවුරුදු 18 ට අඩු ළමයෙක් පාසල් යාම වළක්වමින් ඔහුව යම් කාර්යයක යෙදවීම පිළිබඳව පොලිසියට කරන විධිමත් පැමිණිල්ලක් වන අතර එමගින් සාපරාධී පරීක්ෂණයක් ආරම්භ වනවා).

 

u4sc0n7 vaibhav suryavanshi bcci 625x300 01 May 25

15 වැනි වියේ පසුවන මේ දරුවාව RR විසින් ක්‍රිකට් අරමුණු වෙනුවෙන් යොදා ගන්නා බවට ඉන්දියාවේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සී.එම්. ශිවකුමාර් නයාක් නමැත්තා කියා සිටින්නේ දැන් ප්‍රසිද්ධියට පත්ව තිබෙන සමාජ මාධ්‍ය වීඩියෝවකින්. ඉන්දියාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රමවේදය විසින් සූර්යවන්ශිව සූරාකන බව ඔහු පවසනවා. තමා මේ ගැන පොලිසියට පැමිණිල්ලක් ගොනු කිරීමට හෝ RR ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ ළමා අයිතීන් හා ළමයින් වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් පනවා තිබෙන නීති උල්ලංඝනය කිරීමට එරෙහිව චෝදනා කරමින් බව නයාක් ප්‍රකාශ කරනවා.

“රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සිටින වයිභාව් සූර්යවන්ශි නමැති‌ 15 හැවිරිදි කොල්ලාව සූරා කමින් සිටිනවා. ඔහු තවමත් ළමයෙක්. වයස අවුරුදු 15ක් පමණයි. ඔවුන් මේ දරුවාව වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කරන්න IPL ට ගෙනැවිත් තියෙනවා.” යනුවෙන් නයාක් කියනවා.

 

e862d6d50ab97a704407addfe6933015
“ඒගොල්ලෝ කොහොමද කුඩා ළමයෙකුව මේ වගේ විශාල ලීගයක ක්‍රීඩා කරවන්නේ? ‌මේ ළමයා අවධානය යොමු කළ යුත්තේ එයාගේ අධ්‍යාපනයටයි. මේ වගේ ළා බාල වයසේදී එයා ක්‍රිකට් ක්‍රීඩා කරනවා වෙනුවට පාසල් යමින් එයාගේ අධ්‍යාපනය සම්පූර්ණ කරමින් සිටිය යුතුයි.”

“ඉතාමත් දැඩි ලෙස මෙයට අප්‍රසාදය පළ කරන මම ළමා අයිතීන් හා ළමා කම්කරු නීති උල්ලංඝනය කිරීම පිළිබඳව රාජස්තාන් රෝයල්ස් කළමනාකාරිත්වයට එරෙහිව පොලිස් පැමිණිල්ලක් හෝ නීතිමය කටයුත්තක් ගොනු කරනවා” යැයි මේ සමාජ ක්‍රියාකාරිකයා තරයේ කියා සිටිනවා.

වයස අවුරුදු 14යි දවස් 23ක් පමණක්ව තිබියදී ප්‍රථම වතාවට 2025 වසරේ අප්‍රේල් මාසයේදී ක්‍රිකට් තරග බිමට පිවිසි සූර්යවන්ශි විස්සයි20 ක්‍රීඩාවේ සිටින එක් වඩාත්ම ප්‍රවේගකාරී යොවුන් පිතිකරුවෙකු ලෙසින් කීර්තියක් ගොඩනගා ගෙන සිටිනවා.

 

c5y45y4
IPL 2025 සහ IPL 2026 හරහා ඔහු තරග 17කින් ලකුණු 656ක් රැස් කරගෙන තිබෙන්නේ 38.59ක සාමාන්‍යයක් හා 224.66ක අතිවිශිෂ්ට ප්‍රහාරක වේගයක් සටහන් කරමින්. ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් ද මීට ඇතුළත්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්