leader s

තරුණ ක්‍රිකට් ලෝලීන් දෙදෙනෙක් රෝහිත් ෂර්මාගේ අත්ඔරලෝසුව ඩැහැ ගැනීමට උත්සාහ කරන අයුරු දිස්වන ඇදහිය නොහැකි වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ ඉන්දීය ආක්‍රමණශීලී පිතිකරුවා ඔහුගේ කාරයේ අසුන්ගෙන සිටියදී.


වීඩියෝවේ නිශ්චිත වේලාව හා ස්ථානය තවමත් පිරික්සා බලා නැතත් මේ සිද්ධිය කීර්තිමත් ක්‍රීඩකයින් හා ක්‍රිකට් ලෝලීන් අතර තිබෙන සීමාවන් පිළිබඳ වාදයකට මුල පුරා තිබෙනවා.


4ba5hh7g rohit sharma x 625x300 04 January 26

ඉක්මනින් පැතිර ගිය වීඩියෝවේ, හිටපු ඉන්දියා ක්‍රිකට් නායකයා ඔහුගේ මෝටර් රථයේ පසුපස ආසනයේ වාඩිවී පිටත රොක්ව සිටි ක්‍රීඩා ලෝලීන්ට අත වනන අයුරු පෙන්නුම් කරනවා. ඒ අවස්ථාවේදී නොවැදගත් හා අහිංසක ලෙසින් දිස්වූ අන්‍යෝන්‍ය ක්‍රියාවක් සැණින් අපහසු තත්ත්වයකට හැරුනේ තරුණ කොල්ලන් දෙදෙනෙක් වාහනයේ ළඟ ට ම පැමිණි නිසාවෙන්. මේ දෙදෙනා ම ෂර්මාගේ අත අල්ලා ගැනීමට උත්සාහ කරද්දී එක් කෙනෙක් ෂර්මාගේ අත්ඔරලෝසුව ගැලවීමට උත්සාහ කරන බවක් පෙනෙනවා.

වහා ඊට ප්‍රතිචාර දැක්වූ ෂර්මා කාරයේ ජනේලය ඉහළට අදිමින් වසා දමන අතරතුරේ ඇඟිල්ලක් ඔසවා කොල්ලන් දෙදෙනාට තරවටු කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

රෝහිත් ෂර්මා පැළඳ සිටි අත්ඔරලෝසුව රොලෙක්ස් Giraffe වර්ගයේ එකක් බවත් එහි වටිනාකම කෝටි 3.25ක් පමණ වන බවට වාර්තා වී ඇති බවත් සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කියා සිටියත් එය නිල වශයෙන් තහවුරු වී නැහැ.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්