leader s

ලබන මස ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස ඉරානය කොන්දේසි 10ක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) ඉදිරිපත් කර තිබෙනවා.


ඉරාන පාපන්දු සම්මේලනයේ (FFIRI) සභාපතිවරයා විසින් නිවේදනය කර තිබෙන මේ කොන්දේසිවලට වීසා එකඟවීම, ජාතික කණ්ඩායමේ සාමාජිකයින් හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ නිල තරගවලදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිපැදීම යන කාරණා ඇතුළත්ව තිබෙනවා.

“අපේ ඇදහීම්, සංස්කෘතිය හා මතයන්වලින් කිසිම ආපසු යාමක් නැතිව” ඉරානය ලෝක කුසලානයේ තරග කරන බවට FFIRI ප්‍රකාශ කර තිබෙන්නේ සත්කාරක රට “අපේ ඔ්නෑකම් පිළිබඳව වග කිවයුතුයි” අවධාරණය කරමින්.

mehdiමෙහ්දි ටාජ්

 

මේ කොන්දේසි ඉදිරිපත් කෙරෙන්නේ FFIRI සභාපති මෙහ්දි ටාජ් ට FIFA කොංග්‍රසයට සහභාගි වීම පිණිස කැනඩාව ට ඇතුළු වීමට අවසර නොදීමෙන් පසුව.


ලෝක පාපන්දු බලධාරීන්ට ඉරානය විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවල ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකායේ (IRGC) හමුදා සේවය අවසන් කළ පුද්ගලයින් ඇතුළුව ඉරාන කණ්ඩායම සමග තරගාවලියට එන සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා නිලධාරීන්ට වීසා ලබා දීම ද ඇතුළත්ව තිබෙනවා.

IRGCය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට අමෙරිකාව හා කැනඩාව විසින් ලැයිස්තුගත කර තිබෙන අතර මෙහ්දි ටාජ් ට කැනඩාව ට ඇතුළු වීමට ඉඩ නොදීමට එක් හේතුවක් ලෙස දැක්වුනේ එම බලකාය සමග ඔහුට තිබෙන සබඳතාව.
 
v35y45yw5dgfdg
ඉරාන ජාතික ධජය හා ජාතික ගීයට ගරු කරමින් ජාතික ගීතය නිවැරදිව හා අතරමඟ නැවතීමකින් තොරව වාදනය කිරීම ඇතුළුව ජාතික කණ්ඩායමට දක්වන සැලකිල්ල පිළිබඳව සහතිකයක් මෙන්ම තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ගුවන් තොටුපල, හෝටල, තරගවලට යන මාර්ග හා ක්‍රීඩාංගණවලදී උපරිම ආරක්ෂාවක් ද ඉරානය ඉල්ලා තිබෙනවා. ඉරානය සහභාගි වන තරගවලදී දෙපැත්තේ ම කණ්ඩායම්වල ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයට රැගෙන ආ යුත්තේ ඔවුන්ගේ රටවල ධජයන් පමණක් බවත් ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ කොඩිය හැරුනුවිට වෙනත් ධජයක් ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බවත් එම කොන්දේසිවල සඳහන් වනවා.
 
මීට අමතරව, මාධ්‍ය සාකච්ඡාවලදී වාර්තාකරුවන් අසන ප්‍රශ්න තාක්ෂණික හා තරග සම්බන්ධ කාරණාවලට පමණක් සීමා විය යුතු වීම ඉරානයේ තවත් කොන්දේසියක්.

මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු කොන්දේසියක් වී තිබෙන්නේ පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ පාපන්දුව හා දේශපාලනය අතර තිබෙන සීමාව බොහෝ විට අපැහැදිලි බැවින්.
 
 
vw4yww450909
ක්‍රීඩක සංචිතය තෝරා ගැනීම, ඉරාන ජාතික කණ්ඩායමට තිබෙන මහජන සහයෝගය හෝ තරග වටා තිබෙන වාතාවරණය පිළිබඳ ප්‍රශ්න ක්‍රීඩා හා දේශපාලනික මානයන් දෙකටම සමගාමීව අදාළ වනවා.
 
දේශපාලනිකව උණුසුම් වූ වාතාවරණයන් සමහර තරගවලදී තිබීමට ඉඩ අති බවට ඉරාන පුහුණුකරුවා මෑතකදී පිළිගත්තා.

මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් තිබියදීත්, ඉරානය ට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට අදහසක් තිබෙන බවක් වර්තමානයේ අඟවා නැහැ.

ඒ වෙනුවට ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මෙතෙක් පැවැත්වෙන විශාලතම තරගාවලියට ඉරානයේ සහභාගිත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, ටෙහෙරානය සහ අමෙරිකානු බලධාරීන් අතර කෙරෙන ඉතාමත් සංකීර්ණ වූ සාකච්ඡාවන් හි වැඩිවීමක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්