leader s

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රටක් වන අමෙරිකාවේ කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නැරඹීම පිණිස තමා ඩොලර් 1,000ක් ගෙවා ටිකට් පතක් මිලදී නොගන්නා බව බිලියනපතියෙකු වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

 

“ඒක එච්චර ගණන් කියලා මම දැන හිටියේ නැහැ” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබෙන්නේ පැරගුවේ සමග පැවැත්වෙන තරගය සඳහා එවැනි මුදලක් වැය කිරීම ප්‍රතික්ෂේප කරමින්. “පැහැදිලිවම මම එතැන ඉන්න කැමතියි. ඒ වුනත්, ඇත්තම කියනවා නම්, මම එවැනි ලොකු මුදලක් ගෙවන්නේත් නැහැ” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එරට මාධ්‍යයට කියා තිබෙන්නේ ලෝක කුසලාන තරග ප්‍රවේශ පත්‍රවල මිල අහස උසට වැඩි කිරීම පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) එල්ල වී තිබෙන පීඩනය වැඩි කරමින්.

අමෙරිකාවේ ව්‍යවස්ථාදායකයින් සහ ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ගේ සංවිධාන මේ තරගාවලිය සඳහා FIFA නියම කර තිබෙන ප්‍රවේශ පත් මිල ගණන් ව්‍යුහය පිළිබඳව තදින් විවේචනය කර තිබෙන අතර මෙවැනි දැරිය නොහැකි මිලක් නියම කිරීමෙන් ගෝලීය පාපන්දු පාලකයින් ක්‍රීඩා ලෝලීන්ට මහා පරිමානයෙන් ද්‍රෝහී වී ඇතැයි යුරෝපයේ පාපන්දු ක්‍රීඩා ලෝලී සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

 

efe54564544gfdgbfbn
‌ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් දහසක් බව දැනගත් අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පුදුමයට පත්වූ බව වාර්තා වනවා. තමාගේ ශක්තිමත්ම ඡන්ද පදනම වන අඩු ආදායම්ලාභී අමෙරිකානුවන්ට මේ මිල ගණන් නිසා ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව නොලැබීමට ඉඩ තිබීම පිළිබඳව ඔහු සැලකිලිමත්ව සිටින බවක් පෙන්නුම් කරනවා.

“ක්වීන්ස් හෝ බෲක්ලින් පළාත්වල ජනතාව සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ට ආදරය කරන සියලුම පුද්ගලයන්ට තරග නරඹන්න යන්න බැරි නම්, මම කනස්සල්ලට පත්වනවා. ඒ එක්කම, මේ තරගාවලිය ඉතාමත් සාර්ථක එකක් බව කිව යුතුයි. මට ඡන්දය ලබා දුන් පුද්ගලයන්ට තරග නැරඹීමට යන්න පුළුවන් වුනොත් මම කැමතියි” යනුවෙන් ජනාධිපති වශයෙන් සිටි පළමු ධූර කාලයේදී 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාව ට ලබා ගැනීමේ ගෞරවය අත්කර ගෙන සිටින ට්‍රම්ප් කියනවා.

ප්‍රවේශ පත්‍රයක මුද්‍රණය කර තිබෙන මුල් සම්මත මිලට වඩා ඩොලර් දහස් ගණන් වැඩියෙන් එම ප්‍රවේශ පත් නැවත අලෙවි කිරීමට ඉඩ දෙන අමෙරිකාවේ නීතිවලින් වාසි ලබා ගැනීමට ලෝක පාපන්දු පාලකයින්ට බල කර ඇතැයි ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ අවධාරණය කරනවා.


2018 සහ 2022 ලෝක කුසලානයන් හි FIFA ට ලැබුනු මිලියන 50කට අඩු ප්‍රවේශ පත් ඉල්ලීම් සමග සසඳා බලන විට 2026 තරගාවලිය වෙනුවෙන් ඉල්ලීම් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලැබුනු බව ඉන්ෆන්ටීනෝ පෙන්වා දෙනවා.

මෙවර තරගාවලියේ මූලික අදියරේ ප්‍රවේශ පත්වලින් සියයට 25ක ප්‍රමාණයක මිල නියම කර තිබෙන්නේ ඩොලර් 300කට වඩා අඩු මුදලකට බව FIFA ප්‍රධානියා පවසනවා.

එහෙත් පාපන්දු ලෝලීන්ගේ සංවිධාන පසුගිය 2022 කටාර් ලෝක කුසලාන තරගාවලියට සාපේක්ෂව මෙවර තරගාවලියේ තිබෙන අසමානතාව පෙන්වා දී තිබෙනවා.

 

fifa4yhufff
2022 අවසාන තරගය වෙනුවෙන් තිබූ වඩාත්ම මිල අධික ප්‍රවේශ පත්‍රයක මුල් මිල වී තිබුනේ ඩොලර් 1,600ක්. මේ 2026දී එය ඩොලර් 32,970ක් පමණ වී තිබෙනවා.

මේ තත්ත්වයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අමෙරිකාවේ දේශපාලනික නොසන්සුන්තාව හා ඉරානයේ පැවැත්වෙන යුද්ධයේ සෙවණැල්ල ද වැටී තිබියදීයි ලෝක පාපන්දුවේ ඉහළම තරගාවලියේ ආරම්භයට හරියටම ඉතිරිව තිබෙන තවත් එක් මාසයක අවරෝහණ ගණනය අද (මැයි 11) ආරම්භ වන්නේ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්