leader s

ජනප්‍රිය ගායක ගායිකාවන්ගෙන් පිරුණු සමාරම්භක උත්සව තුනක් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රටවල් තුනේ ම පැවැත්වීමට ලෝක කුසලාන බලධාරීන් සැලසුම් කරගෙන යනවා.


ඒ අනුව අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ වෙන වෙනම සමාරම්භක උළෙලන් පැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

fin56u5u67u8

කණ්ඩායම් 48ක් දක්වා ප්‍රසාරණය කෙරුනු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන්නේ ජූනි 11 වැනිදා මෙක්සිකෝවේ Azteca ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන්. එහෙත් තමන්ගේ එදා මෙදා තුර විශාලතම තරගාවලියේ කොටසක් වශයෙන්, එයට සත්කාරකත්වය දක්වන සෑම රටකම ජනප්‍රිය කලාකරුවන් සහභාගි වන දැවැන්ත ප්‍රසංග පැවැත්වීම පාපන්දුවේ පාලකයින්ගේ උවමනාව වී තිබෙනවා. මේ අනුව, ටොරොන්ටෝ නුවර ජූනි 12 වැනිදා පැවැත්වෙන බොස්නියා-හර්සගොවිනා ට එරෙහි කැනඩා කණ්ඩායමේ පළමු තරගයේදී කැනේඩියානු ගායක ගායිකාවන් වන Michael Buble, Alanis Morissette සහ Alessia Cara සහභාගි වන ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.

එදින ම, අමෙරිකානු කණ්ඩායම ලොස් ඇන්ජලීස් නගරය අසල SoFi ක්‍රීඩාංගණයේදී පැරගුවේ ට එරෙහිව තරග වදිනවා.

 

katy 45y46y
Katy Perry අමෙරිකානු ජනප්‍රිය ගායිකාව එහිදී රැප් ගායක Future සමග පවත්වන ප්‍රසංගයේ වේදිකාවට ලොස් ඇන්ජලීස් හි පදිංචිව සිටින DJ Sanjoy හා පැරගුවේ ගායිකා Marilina Bogado ද පිවිසෙනවා. මීට අමතරව, තායි රැප් ගායිකා Lisa ද මේ ප්‍රසංගයට සහභාගි වීමට නියමිතයි.

මෙක්සිකෝව ජූනි 11 වැනිදා Azteca ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමග තරග කරනවා.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රසංගය සඳහා පෙළ ගැසී සිටින්නන්ගෙන් කිහිප දෙනෙකි Grammy සම්මාන ගණනාවක් දිනා සිටින Mana මෙක්සිකානු රොක් සංගීත කණ්ඩායම සහ  මෙක්සිකානු ගායක ගායිකාවන් වන Alejandro Fernandez සහ Belinda. දකුණු අප්‍රිකානු ගායිකා Tyla ද මේ වේදිකාවට නගිනවා.

මේ සැලසුම් මගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පළමු තරගයට පෙර තනි සමාරම්භක උළෙලක් පැවැත්වීමේ සම්ප්‍රදාය වෙනස් කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්