leader s

ටෙස්ට් කඩුලු 100ක් ලබා ගත් ලෝකයේ වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පාකිස්තාන දඟ පන්දු යවන නෝමන් අලි (Noman Ali) පත්ව සිටිනවා.



අවුරුදු 39 යි දවස් 217ක් වයසැතිව සිටියදී මේ වමත් දඟ පන්දු යවන්නා ඊයේ මේ කඩඉමට පිවිසියේ බංග්ලාදේශය ට එරෙහිව ධකා නුවර ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තුන් ඉරියව් ක්‍රීඩක මෙහිඩි හසන් මිරාස් ලකුණු 24කට දවාලමින්. ඔහු දැවී ගියේ ‘ස්ලිප්ස්’ ස්ථානයට පහසු උඩ පන්දුවක් ලබා දෙමින්.

නෝමන් අභිභවා ගියේ මීට වසර 130කට පෙර 1896 වර්ෂයේදී එංගලන්තයේ දඟ පන්දු යවන ක්‍රීඩක බොබී පීල් (Bobby Peel) වයස අවුරුදු 39 යි දින 180ක්ව තිබියදී ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගනිමින් තබා තිබූ වාර්තාව.

ධකා ටෙස්ට් ගැටුමේ පළමු ඉනිමේදී නෝමන් ට දවා ගත හැකිවුනේ එක් කඩුල්ලක් පමණයි. නමුත් දෙවැනි ඉනිමේදී තණතීරුවෙන් ලැබුනු වැඩි උපකාරය මත කඩුලු තුනක් ලබා ගැනීමට ඔහුට හැකිවුනා.

ටෙස්ට් කඩුලු 100ක් ලබා ගත් වේගවත්ම පන්දු යවන්නන් අතර ට ද නෝමන් ඇතුළත්ව සිටිනවා.

34 වැනි වියේ පසුවෙමින් සිටියදී 2021 වසරේ නෝමන් අලි පාකිස්තානයේ හදිසි දඟ පන්දු ආදේශය ලෙසින් ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට පිවිසියේ වේගයෙන් දුර්වල වෙමින් සිටි යසිර් ෂා වෙනුවට. බංග්ලාදේශය ට එරෙහි තරගය නෝමන්ගේ 22 වැනි ටෙස්ට් තරගය පමණක් වූ බැවින් එම දක්ෂතාව ඔහුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම වේගයෙන් කඩුලු 100 සම්පූර්ණ කළ හත් වැනි පන්දු යවන්නා බවට පත් කර තිබෙනවා. පාකිස්තානුවන් අතර ඔහු සම සිවු වැන්නා වී සිටින අතර ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ යසිර් (ටෙස්ට් 17), සයීඩ් අජ්මාල් (19), වකාර් යූනුස් (20) හා මොහමඩ් අසිෆ් (22) පමණයි.

ටෙස්ට් කඩුලු 100ක් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයෝ

1.නෝමන් අලි (පාකිස්තානය) - අවුරුදු 39 යි දවස් 217 යි
2.බොබී පීල් (එංගලන්තය) - අවුරුදු 39 යි දවස් 180 යි
3.රේ ඉලිංවර්ත් (එංගලන්තය) - අවුරුදු 39 යි දවස් 30 යි
4.ක්ලැරී ග්‍රිමට් (ඔස්ට්‍රේලියාව) - අවුරුදු 39 යි දවස් 22 යි
5.සිඩ්නි බාන්ස් (එංගලන්තය) - අවුරුදු 38 යි දවස් 310 යි


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්