leader s

“අපේ ජාතික කණ්ඩායම තමයි යුදසමයේ ජාතික පාපන්දු කණ්ඩායම” යනුවෙන් ඉරාන පාපන්දුවේ ප්‍රධානියා වන මෙහ්ඩි ටාජ් ඊයේ ප්‍රකාශ කළේ ඉරානයේ පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරග බිමේ “බලයේ සහ ප්‍රතිරෝධයේ ස්ථම්භයක්” වනු ඇතැයි පවසමින්.


2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිටින ඉරාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉරානයේ ජනතාව, ඉරානයේ සටන්කාමීන් හා උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි සහ රට නියෝජනය කරනු ඇතැයි ද ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේ තරගාවලියට සූදානම් වෙමින් සිටින ඉරාන පාපන්දු කණ්ඩායමට පිටත්ව යාමේ උත්සවයක් ඊයේ පැවැත්වූ අවස්ථාවේ.

IR fifa 1

 

රතු හා කළු ට්‍රැක්සූට් පැළඳ සිටි ක්‍රීඩකයින් මධ්‍යම ටෙහෙරානයේ එංගලාබ චතුරස්‍රයේ (Enghelab Square) වේදිකාවේ පෙනී සිටියදී දහස් සංඛ්‍යාත ජනයා ඔවුන්ට ‘චියර්’ කරමින් සුභ පැතූ අයුරු රාජ්‍ය රූපවාහිනියේ විකාශය කෙරුනු වීඩියෝවල දැක්වෙනවා.

ටාජ් සමග ඉරාන පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු අමිර් ඝාලිනොයී ද මේ අවස්ථාවට සහභාගි වුණා.

 

IR fifa 2

උත්සවයට පැමිණි සිටි ජනතාව ඉරාන ජාතික කොඩි වනමින් උද්යෝග පාඨයන් ශබ්ද නගා කියන්නට වූ අතර සමහරු මැද පෙරදිග යුද්ධය ආරම්භ කරමින් එල්ල වූ අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාරවලින් මරා දැමුනු හිටපු උත්තරීතර නායක අලි ඛමේනිගේ පෝස්ටර හා පිංතූර ඔසවා ගෙන සිටියා.

“දිවි පිදූවන්ගේ රුධිරය වෙනුවෙන් ජාතික ගීය නොසැලී හා නොපැකිළී ගයපල්ලා!” යනුවෙන් එක් පෝස්ටරයක ලියා තිබුණා.

 

IR fifa 3
ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරය සිය ලෝක කුසලාන කඳවුර කර ගැනීමට නියමිත ඉරාන පාපන්දු සංචිතය නවසිලන්තය, බෙල්ජියම හා ඊජිප්තුව සමග ‘ජී’ කොටසේ තරග වදිනවා.

ඉරාන කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරන්නේ ජූනි 15 වැනිදා ලොස් ඇන්ජලීස් හිදී නවසිලන්තය සමග පැවැත්වෙන තරගයෙන්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්