leader s

ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ ශ්‍රී ලංකා දඟ පන්දු ලෙජන්ඩ් මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.


හිටපු සහ වර්තමාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ESPNcricinfo ජූරියක් විසින් නම් කර තිබෙන 21 වැනි ශතවර්ෂයේ අනෙකුත් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් වන්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කා සහ දකුණු අප්‍රිකාවේ ජැක්ස් කලිස්.

ටෙන්ඩුල්කාර් ශ්‍රේෂ්ඨතම පිතිකරු වශයෙන් ද, මුරලිදරන් ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා ලෙසින් ද, කලිස් විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද තෝරා ගෙන තිබෙන්නේ ඔවුන් වසර 2000-2025 වකවානුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ශෛලීන්වලදී දැක්වූ දස්කම් වෙනුවෙන්.

වෙනම පැවති ඡන්ද විමසීමකින් ඔස්ට්‍රේලියාවේ එලීස් පෙරී ශතකයේ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරා ගෙන තිබෙනවා.

මේ තේරීම් සිදුකර කර තිබෙන්නේ වසිම් අක්රම්, ග්‍රෙග් චැපල්, ෆෆ් ඩු ප්ලෙසී, මැතිව් හේඩ්න්, ඇන්ජලෝ මැතිව්ස්, ටොම් මූඩි, ඔයින් මෝගන්, රවි ශාස්ත්‍රි, ඩැනියල් වෙටෝරි සහ ෂේන් වෝන් ඇතුළත් 25 දෙනෙකුගෙන් සමන්විත ජූරියක් ලබා දුන් ඡන්ද පදනම් කරගෙන.

ලොව මෙතෙක් බිහිවූ ඉතාමත්ම උසස් තත්ත්වයේ දඟ පන්දු යවන්නා ලෙසින් සැලකෙන මුරලිදරන් 2010 වසරේදී ඔහුගේ අද්විතීය ක්‍රිකට් දිවිය අවසන් කළේ 23කට අඩු සාමාන්‍යයකින් යුතුව ටෙස්ට් කඩුලු 800ක් සම්පූර්ණ කරමින්. වසර 2000 යුගයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාව බලවත් කණ්ඩායමක් ලෙස ගෞරවයක් දිනා ගැනීමේදී ‘මුරලි’ කැපී පෙනෙන භුමිකාවක නිරත වුණා.

ක්‍රිකට් ඉතිහාසයේ සියලු ශෛලීන් හරහා වඩාත්ම පලදායී පිතිකරුවා වූ ටෙන්ඩුල්කා, ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියාව සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ ගැරී සෝබරස් සමග එක පෙළට සිටින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම තුන් ඉරිව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙසින් සැලකෙන කලිස් ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් කළේ ටෙස්ට් ලකුණු 13,289ක් හා කඩුලු 292ක් වාර්තා කරමින්.

පෙරී, නවීන කාන්තා ක්‍රීඩාවේ විශිෂ්ටතම සහජ දක්ෂතා තිබෙන ක්‍රීඩිකාව ලෙසින් පිළිගැනෙනවා.

මේ ඡන්ද විමසීමේදී දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියර්ස් හොඳම T20 පිතිකරුවා ලෙසත්, ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා හොඳම T20 පන්දු යවන්නා ලෙසත් තේරුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්