leader s

මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලවුඩියා ෂෙන්බවුම් මාර්තු මාසයේ දුන් පොරොන්දුවක් ඉටු කරමින් ඇයට හිමි ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරගයේ ටිකට් පත පරිත්‍යාග කර තිබෙනවා.

 

මෙක්සිකෝ රටේ වසර 200ක ඉතිහාසයේ පළමු ජනාධිපතිනිය වන ෂෙන්බවුම් 00001 අංකය දරන ඇගේ ප්‍රවේශ පත්‍රය වෙරක්‍රීස් නමැති නැගෙනහිර ප්‍රාන්තයේ වෙසෙන 21 හැවිරිදි ආදිවාසී කාන්තාවක වන Yolett Cervantes Cuaquehua ට පරිත්‍යාග කළා.

ti56u

 

මෙක්සිකෝව ජූනි 11 වැනිදා ඔවුන්ගේ ආරම්භක තරගය දකුණු අප්‍රිකාව ට එරෙහිව ක්‍රීඩා කරන්නේ අස්ටෙකා ක්‍රීඩාංගණයේ.

ජූරියක් විසින් Cuaquehua තෝරා ගෙන තිබෙන්නේ පාපන්දුව හැසිරවීමේ තරගයකදී දස්කම් දක්වමින් ඇය ලැබූ ජයග්‍රහණයෙන් පසුවයි.

“මෙක්සිකෝවේ ආඩම්බරය මේ අයයි. ඔවුන් නියෝජනය කරනු ඇත්තේ රටේ ජනාධිපති හෝ රජයේ ප්‍රධානියාව නෙවෙයි. ඔවුන් නියෝජනය කරනු ඇත්තේ මෙක්සිකෝවයි” යනුවෙන් Cuaquehua ට ටිකට් පත පිරිනැමීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ෂෙන්බවුම් ප්‍රකාශ කළා.

 

yu56u5

මෙහිදී ජනාධිපතිනිය Mexico City, Guadalajara සහ Monterrey යන නගරවල පැවැත්වෙන අනෙක් තරග සඳහා වන ඇයගේ ප්‍රවේශ පත්‍ර ද අවුරුදු 16, 22 හා 23 වයස්වල සිටින වෙනත් ආධුනික ක්‍රීඩකයින්ට ප්‍රදානය කළා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද තෝරා ගෙන තිබුණේ රජය විසින් සංවිධානය කරනු ලැබූ තරගයකින්.

ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරගයට තමා නොපැමිණෙන බව පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශ කළ මෙක්සිකානු ජනාධිපතිනිය, තරුණ මෙක්සිකානු පාපන්දු ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය දීමට තමාට අවශ්‍ය බව පැවසුවා.

 

yu5m7
“පාපන්දු ක්‍රීඩා කරන තරුණ කාන්තාවක් අපේ රටේ ශ්‍රේෂ්ඨ නියෝජිතවරියක් වනු ඇතැයි මම සිතනවා. ආරම්භක තරගය සඳහා පැමිණීමට හැකිවන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුට පමණයි” ෂෙන්බවුම් එදා කියා තිබුණා.

මෙක්සිකානු පාපන්දු ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අගනුවර ප්‍රධාන චතුරස්‍රය වන Zocalo හි ඉදිකරන උත්සවාකාර කලාපයේ සිට තමා එම තරගය නරඹන බව මේ ආදර්ශමත් ජනාධිපතිනිය ප්‍රකාශ කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්