leader s

ආලෝකය මඳවන (bad light) අවස්ථාවන්හිදී ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ කාලය වැඩි කිරීම සඳහා රෝස පැහැයෙන් යුත් පන්දු භාවිතා කිරීම අත්හදා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

 

ටෙස්ට් ක්‍රීඩාව සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන රතු වර්ණයේ පන්දු ආලෝකය අඩුවී යද්දී පහසුවෙන් දිස් නොවන අතර සීමිත ඕවර තරග සඳහා භාවිතා කරන සුදු පැහැති පන්දු වැඩි වේලාවක් ක්‍රීඩා කෙරෙන ටෙස්ට් ක්‍රීඩාවට ඔරොත්තු නොදෙන බව සොයා ගෙන තිබෙනවා. විදුලි ආලෝක මධ්‍යයේ ක්‍රීඩා කරන දිවා-රාත්‍රී ටෙස්ට් තරග සඳහා රෝස පන්දු දැනටමත් පාවිච්චි කෙරෙනවා.

ආලෝකයේ අඩුවීමක් බලාපොරොත්තු වන අවස්ථාවලදී ක්‍රීඩා කාලය උපරිමයට ගෙන ඒම පිණිස කණ්ඩායම් දෙකේ ම පූර්ව එකඟතාවකින් ටෙස්ට් තරගවලට රෝස පන්දු භාවිතා කරන මේ අත්හදා බැලීම සිදුකිරීමට තම විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බව ICCය නිවේදනයන් නිකුත් කරමින් කියා තිබෙනවා.

මීට අමතරව, ආලෝකය දුර්වල වීම හේතුවෙන් අහිමි වන ක්‍රීඩා කාලය අඩු කිරීම පිණිස නව ‘ආලෝක තාක්ෂණ පරීක්ෂණ’ පැවැත්වීම සඳහා ද තරග නිලධාරීන් හා ක්‍රීඩාංගණවලට ගෝලීය ක්‍රිකට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්