ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකානු ක්‍රීඩාංගණවලට පහර දෙන ලෙසට හා අමෙරිකානු ජාතිකයෙකු වන පාප් වහන්සේ ඉලක්ක කර ගන්නා ලෙසට සිය අන්තවාදීන්ට දන්වමින් ISIS ත්‍රස්තවාදීන් බිය උපදවන තර්ජනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් විසින් නිකුත් කර තිබෙන බියකරු ග්‍රැෆික් චිත්‍රයකින් පාප්තුමෙක් FIFA ලෝක කුසලානය අතින් ගෙන සිටින අයුරු පෙන්නුම් කරනවා.
පාප් වහන්සේගේ රූපයට යටින් තිබෙන සිත් කලඹවන පාඨයෙන් මතුකර දක්වන්නේ ජූනි මස 11 වැනිදාට යෙදී තිබෙන XIV වැනි පාප් වහන්සේගේ ස්පාඤ්ඤ කෙනේරි දූපත් සංචාරයයි. මේ දවස ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙක්සිකෝවේ ආරම්භ වීමට නියමිත දිනය ද වනවා.
ඔවුන් විසින් නිකුත් කර තිබෙන බියකරු ග්‍රැෆික් චිත්‍රයකින් පාප්තුමෙක් FIFA ලෝක කුසලානය අතින් ගෙන සිටින අයුරු පෙන්නුම් කරනවා.
මේ වසරේදී අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතිහාසයේ වැඩියෙන්ම රැකවල් සවිමත් කළ තරගාවලිය බවට පත්ව තිබෙනවා.
එංගලන්ත පිලට 'වළලු තුනක' දැඩි ආරක්ෂාවක්!
ඒ අනුව, ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන යුරෝපීය රටක් වන එංගලන්තය ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ අමෙරිකානු කඳවුරට වළලු තුනකින් යුත් ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.
කැන්සාස් නගරය අසල තිබෙන, එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායම නතර වන රාත්‍රියකට පවුම් 260ක් අය කරන කාමර 54කින් යුත් මෙඩෝබ්‍රෝක් (Meadowbrook) හෝටලයට ඉහළ අහස ගුවන්යානා පියාසර කළ නොහැකි කලාපයක් බවට පත්වන්නේ ඩ්‍රෝන යානා ප්‍රහාර වැළක්වීමට. හෝටලය අභිමුඛයෙහි ඇති භූමියේ හමුදා අණදෙන මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් කටයුතු යොදා තිබෙනවා.
ආයුධ සන්නද්ධ යුද හමුදාව, ආරක්ෂක නිලධාරීන් හා පෞද්ගලික ආරක්ෂක භටයින් හෝටල භූමියේ මුර සංචාරයේ යෙදෙනවා.
හෝටලය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිටින අසල්වැසියන්ට ක්‍රීඩකයින් නොපෙනෙන පරිදි ආවරණ වැඩියෙන් ඔසවා තැබෙනවා.
ත්‍රස්ත තර්ජනවලට අමතරව කැන්සාස් නගරයේ විශාල වශයෙන් සිදුවන තුවක්කු අපරාධ මධ්‍යයේ ආරක්ෂාව ප්‍රබල අයුරින් ඉහළ නංවා තිබෙනවා.
හෝටලයේ සිට ඊට සමීපව පිහිටි ස්වෝප් පාපන්දු ගම්මානයේ පුහුණු පිටියට යන එන විටදී එංගලන්ත කණ්ඩායම රැගත් බස් රථයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලැබෙනවා. එම බස් රථය නරඹන්නන්ගේ නිරීක්ෂණයෙන් ආවරණය කෙරෙන අතර ඩ්‍රෝන යානාවලින් ආරක්ෂා කෙරෙනවා.
ක්‍රීඩකයින් කොහේ ගියත් ඔවුන් වටා මුර වළල්ලක් තිබෙනු ඇති අතර කණ්ඩායමේ හෝටලය නාමිකව නොවූවද ප්‍රායෝගිකව යුද බල කොටුවක් බවට පත්වනවා. එංගලන්ත කණ්ඩායම ජූනි 13 වැනිදා කැන්සාස් නගරයට පැමිණීමෙන් පසුව ක්‍රීඩකයින්ගේ සහකාරියන්, පවුලේ සාමාජිකයින් හා මිතුරන්ට ආරක්ෂක මුර වළල්ල ඇතුළට පිවිසීම සඳහා අවසර පත් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව, එංගලන්ත පාපන්දු සම්මේලනයේ ම ආරක්ෂකයින් ද සුපරීක්ෂාකාරීව සිටිනු ඇත්තේ මෑතකදී හටගත් ඔත්තු බැලීමේ සිදුවීමක් හේතුවෙන්. එහිදී ප්‍රතිවාදී මිඩ්ල්ස්බ්‍රෝ කණ්ඩායම පුහුණු වන අයුරු විපරම් කරමින් සිටි පුද්ගලයෙකු හසුවීමෙන් පසුව සවුත්හැම්ප්ටන් කණ්ඩායම චැම්පියන්ස් අවසන් පූර්ව තරගයෙන් නෙරපා දැමුණා.
විශාල තරගාවලියන් හිදී සමහර ජාතික කණ්ඩායම් ඔත්තුකරුවන් යොදා ගෙන තිබෙන බැවින් ලෝක කුසලාන තරග ක්‍රීඩා කෙරෙන අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ප්‍රධාන ප්‍රදේශවල සෝදිසිය ඉහළ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







