leader s

"1966න් පසු එංගලන්තය දුටු රන් සිහිනය අතිරේක කාලයේදී බොඳ වෙයි" - ඇට්ලන්ටා හි 68,000ක ප්‍රේක්ෂක පවුරක් ඉදිරියේ ආර්ජන්ටිනාවෙන් ගෝල 2-1ක අතිදැවැන්ත පෙරළියක්


පිට පිට දෙවැනි වරටත් ලෝක ශූරතාව රැකගන්න මෙසී ප්‍රමුඛ බලකාය ඉරිදා ස්පාඤ්ඤය සමඟ ගැටෙයි; පරාජිත එංගලන්තයට ප්‍රංශය සමඟ තෙවැනි ස්ථානයේ සටන

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ලියැවුණු තවත් එක් අමතක නොවන සුපිරි පෙරළියක් සනිටුහන් කරමින්, ප්‍රබල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කර 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව අද (ජූලි 16) සමත් විය.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ රැස්ව සිටි 68,000කට අධික ප්‍රේක්ෂකයන් මවිත කරමින්, පරාජයේ අද්දර සිටි ආර්ජන්ටිනාව තරගයේ අවසන් මිනිත්තු 7 තුළ එල්ල කළ ද්විත්ව ප්‍රහාරයත් සමඟ එංගලන්තයේ වසර 60ක ඓතිහාසික සිහිනය සහමුලින්ම බිඳ වැටුණි.

එංගලන්තයේ පෙරමුණ ගැනීම සහ ආර්ජන්ටිනාවේ ද්විත්ව ප්‍රහාරය

 

AFP 20260715 C2AY4MR v1 HighRes FblWc2026Match102EngArg 1784143780
පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුවද ගෝල වාර්තා කිරීමට කිසිදු පාර්ශවයකට නොහැකි විය.

ගෝඩන්ගේ ප්‍රහාරය:
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 55 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ඇන්තනි ගෝඩන් සුපිරි ගෝලයක් රැස් කරමින් එංගලන්තය 1-0ක් ලෙස පෙරමුණට ගෙන ආවේය. ඒ සමඟ 1966න් පසු තම පළමු ලෝක කුසලාන අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව එංගලන්තයට විවෘත වී තිබුණි.

85 වැනි මිනිත්තුවේ සම තත්ත්වය:
තරගය අවසන් වීමට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තිබියදී, 39 වැනි වියේ පසුවන ලියොනල් මෙසීගෙන් ලැබුණු දක්ෂ පන්දු යොමු කිරීමක් (Assist) මඟින් එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් දර්ශනීය ගෝලයක් ලබා ගනිමින් තරගය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

92 වැනි මිනිත්තුවේ මරණීය පහර:

නැවතත් ක්‍රියාත්මක වූ මෙසී දුන් පන්දුවක්, ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ලුටාරෝ මාර්ටිනස් (Lautaro Martínez) හිසෙන් එල්ල කළ සුපිරි ප්‍රහාරයකින් දැල තුළට යොමු කරමින් ආර්ජන්ටිනාවේ ජයග්‍රහණය සනිටුහන් කළේය.

E34MDB4JXFM3HIHSSQFDPOHLS4
මෙසී තැබූ නව ලෝක වාර්තා සහ ඉදිරි සටන

මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟ ආර්ජන්ටිනාව සිය ඉතිහාසයේ 7 වැනි ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ලියොනල් මෙසී ද නව පාපන්දු ඉතිහාසයක් ලියා තිබේ.

අවසන් තරග 3ක වාර්තාව:

23c29453 9d6c 492b 9d2c e749bdd143be

බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක කැෆූට පසුව ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ක්‍රීඩා කරන ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට මෙසීට අවස්ථාව හිමිවේ. එසේම ඔහු සිය වෘත්තීය ජීවිතයේ නිල තරගයකදී ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙයයි.


ඉරිදා මහා සංග්‍රාමය:
1962 දී බ්‍රසීලයෙන් පසු පිට පිට දෙවැනි වරටත් ලෝක ශූරතාව රැකගත් එකම කණ්ඩායම වීමේ සිහිනය ඇතිව ආර්ජන්ටිනාව ලබන ඉරිදා (ජූලි 19) නිව් ජර්සි හි MetLife ක්‍රීඩාංගණයේදී යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ ශූරතාව වෙනුවෙන් තරග වදී. එහිදී ස්පාඤ්ඤයේ ළැමීන් යමාල් සහ මෙසී අතර සටන ලෝක අවධානය දිනාගනු ඇත.

තෝමස් ටුචෙල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට මෙවරද ලෝක කුසලාන සිහිනය අතහැරීමට සිදුව ඇති අතර, ඔවුන්ට ලබන සෙනසුරාදා මියාමි හිදී ප්‍රංශය සමඟ තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ක්‍රීඩා කිරීමට සිදුවේ.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්