leader s

හොඳම ආක්‍රමණික ක්‍රීඩා ශෛලිය. හොඳම ආරක්ෂක ක්‍රීඩා ශෛලිය. නියම ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයක්. ශෛලීන් දෙකක ගැටුමක්.

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අතිශය පලදායී ගෝල්ලාභියා වන ලියොනල් මෙසී හා කුසලානය රැක ගැනීමේ සටනක නිරතව සිටින ආජන්ටිනාව ආරක්ෂාකාරී ක්‍රීඩාවේ ස්පාඤ්ඤ යෝධ බලයට එරෙහිව ඉරිදා සටන් වදිනවා.

 

ස්පාඤ්ඤය අඟහරුවාදා පැවති එක් අවසන් පූර්ව තරගයකදී ප්‍රංශය පැරදවූ අතර මේ තරගාවලියේදී තරගයක පිටුපසින් සිට නැවත නැගිටිමින් ජයග්‍රාහකයින් වීමේ රජා බවට පත්ව සිටින ආජන්ටිනාව බදාදා පැවති අනෙක් අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ගෝල් 2-1කින් පරාජය කළා.

 

messi 260716

 

මේ තරගයේ 85 වැනි මිනිත්තුව දක්වා ම ගෝල් 1-0කින් පෙරමුණේ සිටියේ එංගලන්තය. නමුත් ආජන්ටිනාව මිනිත්තු අටක් ඇතුළත ගෝල් දෙකක් ලබා ගනිමින් තරගයේ ගමන් මඟ තමන් දෙසට හැරවීමට සමත් වුණා. මේ ගෝල් දෙක ට ම සහාය දැක්වූයේ මෙසී.

 

සිවු වැනි ලෝක කුසලාන කිරුළ සොයමින් සිටින ආජන්ටිනාව 1958 හා 1962දී බ්‍රසීල වික්‍රමයෙන් පසුව පිට පිට ලෝක කුසලාන ශූරයින් වූ පළමු කණ්ඩායම බවට පත්වීමට මාන බලමින් සිටිනවා. ස්පාඤ්ඤය 2010 වසරේ තරගාවලිය ජය ගැනීමෙන් පසුව ඔවුන්ගේ දෙවැනි කිරුළ ඉලක්ක කරගෙන සිටිනවා.

 

මෙවර තරගාවලියේ ගෝල් ලබා ගැනීම අතින් ඉදිරියෙන් සිටින්නේ ආජන්ටිනාව. ඔවුන් ලබා ගෙන තිබෙන ගෝල් සංඛ්‍යාව 19ක්.

 

අඩුම ගෝල් ප්‍රමාණයක් ලබා දුන් කණ්ඩායම බවට පත්ව සිටින්නේ ස්පාඤ්ඤය. එම සංඛ්‍යාව 1ක්.

 

ඉරිදා පැවැත්වෙන්නේ යුරෝපීය හා දකුණු අමෙරිකානු පාපන්දු ශූරයින් අතර ‘ෆිනලිසිමා’ (Finalissima) තරගයක් නෙවෙයි. ඊටත් වඩා හොඳ ගැටුමක්.

 finlissma

 

දකුණු අමෙරිකානු ශූරයින් වන ආජන්ටිනාව හා යුරෝපීය ශූරයින් වන ස්පාඤ්ඤය ‘ෆිනලිසිමා’ කුසලානය වෙනුවෙන් මාර්තු අග කටාර් දේශයේදී මුණගැසීමට නියමිතව තිබුණේ මෙසී හා ලැමින් යමාල්ගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායම් අතර තරගයකයි.

 

 එම තරගය කවරවිටකවත් සිදුවුනේ නැහැ. තවමත් පවතින මැද පෙරදිග යුද්ධය ඒ වන විට ආරම්භ වී තිබූ බැවින් ආරක්ෂක හේතුන් මත එම තරගය අහෝසි වුණා.

 

metlife studium

 

ඉතින්, මෙසී හා ආජන්ටිනාව පෙනල්ටිවලින් කිලියන් ම්බප්පේ හා ප්‍රංශය පරදවා 2022 ලෝක කුසලානය දිනා ගත් ලුසේල් ක්‍රීඩාංගණයේදී ‘ෆිනලිසිමා’ ක්‍රීඩා කරනවා වෙනුවට මෙසීලා දැන් නිව් ජර්සි නගරයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පාපන්දු ක්‍රීඩාවේ ලොකුම තරගය ක්‍රීඩා කරනවා.

 

මෙය පාපන්දුවේ වර්තමානය හා පාපන්දුවේ අනාගතය අතර පවතින තරගයක් වී තිබෙනවා. ඊට අමතරව මෙය මේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයන් හි සිටි කණ්ඩායම් දෙකක් අතර (ආජන්ටිනාව 1, ස්පාඤ්ඤය 2) සටනක් බවට ද පත්ව තිබෙනවා.

 yemal and messi ad

 

ලියොනල් මෙසී 2007 වසරේදී යුනිසෙෆ් ආයතනයේ වැඩසටහනක කොටස්කරුවකුව සිටියදී බබෙක් සමග සිටින ජනප්‍රිය ඡායාරූපයක් තිබෙනවා.

 

ඒ බබා දැන් ලොකු ළමයෙක්. ඔහුගේ නම ලැමින් යමාල්. මෙසී මෙන්ම යමාල් ද ස්පාඤ්ඤයේ පාපන්දු සමාජයක් වන බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන වම් පාදයේ පාපන්දු තරුවක් බවට පත්වුණා. මෙය ඇදහිය නොහැකි තරමේ කතාන්දරයක්. දශක දෙකකට පෙර ඡායාරූපයක එකට සිටි මේ සුපිරි තරු ‌දෙක දැන් මේ වසරේ ලෝක කුසලාන තරගාවලිය අවසන් කිරීම සඳහා නැවත එකට එක්ව සිටිනවා.

 

ලස්සන අන්දරයක අවසානයක්!

 

warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්