ක්‍රීඩා
Showing page 21 of 152 (2,267 articles)

‘ඩායි ඩායි’ FIFA ලෝක කුසලාන ගීතයෙන් ෂකිරා නැවතත් ගෝලීය පාපන්දු වේදිකාවට
පාපන්දු ක්‍රීඩා ලෝලීන් වසර ගණනාවක් තිස්සේ ෂකිරාගෙන් (Shakira)තවත් ගෝලීය පාපන්දු ගීතයක් ඉල්ලා සිටීමෙන් පසුව දැන් එය සිද්ධ වෙනවා.

වයිභාව් සූර්යවන්ශි: 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩකයා ළමා බැල මෙහෙවරේ යොදවන බවට චෝදනාවක්
ඉන්දියාවේ නැගී එන පිතිකරු 15 හැවිරිදි වයිභාව් සූර්යවන්ශිව ළමා බැල මෙහෙවරේ යොදා ගන්නා බවට සමාජ ක්‍රියාකාරිකයෙකු චෝදනා කරනවා.

ඉන්දියා සහ චීන පාපන්දු ලෝලීන්ට ලෝක කුසලාන තරග නැරඹීමේ වරම් නොලැබේවිද?
ලෝකයේ වැඩිම ජනගහණයෙන් යුත් රටවල් දෙක වන චීනය සහ ඉන්දියාවේ මිලියන ගණන් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට ලබන මස ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.

අමෙරිකාවේ ලෝක කුසලාන නගරවල අවන්හල් ටිප් එකක් දීම ක්‍රීඩා ලෝලීන්ට අනිවාර්ය කරයි
ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග පැවැත්වෙන අමෙරිකානු නගරවල තිබෙන අවන්හල් (රෙස්ටෝරන්ට්) ටිප් එකක් දීම අනිවාර්ය කිරීමට සැලසුම් කරගෙන යනවා.

ඉන්දියානු දෙදරු මවකගෙන් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක්
එංගලන්තයේ වෙසෙන ඉන්දියානු දෙදරු මවක් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

IPL ‘පෙම්වතියන්ගේ සංස්කෘතිය’ට වැට බඳින නව නීති ගෙන එන ලකුණු
ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) පැවැත්වෙන කාලය තුළ ක්‍රීඩකයින් ඔවුන්ගේ පෙම්වතියන් ඇසුරු කිරීම තහනම් කිරීම සඳහා

ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග සැලසුම් කිරීමට FIFA සමග තීරණාත්මක හමුවක්
අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිත ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ සූරිච් නගරයේදී මැයි 20 වැනි දිනට පෙර මුණගැසෙන ලෙසට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඉරාන පාපන්දු නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ODI 3, T20 3, Test 2: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග තුනක්, ජාත්‍යන්තර විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම

ඇඳුම් ඉවත් කරමින් සිටි ක්‍රීඩිකාවන්ව සිවු වසරක් තිස්සේ රූගත කළ පාපන්දු පුහුණුකරුවා තවමත් නිදැල්ලේ...
පෙට ව්ලාකාස්කී (Petr Vlachovsky) කාන්තා පාපන්දු ක්ෂේත්‍රයේ අනාගත දක්ෂ පුහුණුකරුවෙකු සහ චෙක් සමූහාණ්ඩුවේ හොඳම පුහුණුකරුවෙකු ලෙස ගෞරවය දිනාගෙන සිටියා.

සබෑස්ටියන් සාවේ: පාන් සහ පැණි ආහාරයට ගෙන පැය දෙකකට අඩුවෙන් මැරතන් ධාවනය කළ ලොව පළමුවැන්නා
ලන්ඩන් මැරතන් තරගයේ සබෑස්ටියන් සාවේගේ (Sebastian Sawe) පැයයි මිනිත්තු 59යි තත්පර 30ක මවිත කරන ලෝක මැරතන්

'කැනඩාවට ඇතුළු වීමට ඉඩ දුන්නත් අපි එය ප්‍රතික්ෂේප කළා' - ඉරාන පාපන්දු සභාපති
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) කොංග්‍රසයට සහභාගි වීම පිණිස කැනඩාව ට ඇතුළු වීමට නිලධාරීන් අවසර දුන්නත් නැවත හැරී යාමට තමා තීරණය කළ බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් (Mehdi Taj) ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාවට එන ලෝක කුසලාන පාපන්දු ලෝලීන්ට මානව අයිතීන්ගේ සංවිධාන 120කගෙන් බරපතල අනතුරු ඇඟවීමක්
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උතුරු අමෙරිකාව හරහා ආරම්භ වීමේ දිනය ළංවෙමින් තිබියදී

හෝටලයේ ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළ චෝදනාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ හෝටලයක ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළා යැයි කියන චෝදනාව මත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ESPNcricinfo වාර්තා කරනවා. සිද්ධිය ඇතිව තිබෙන්නේ ක්‍රීඩකයින් නැවතී සිටි නාරාහේන්පිට හෝටලයක.

මයිල්ස් ඩේවිස්: එංගලන්ත වේග පන්දු යවන්නාගෙන් ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක්
එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මයිල්ස් ඩේවිස් (Myles Davis) ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම විරල වික්‍රමයක් පාමින් පිට පිට

FIFA සම්මේලනය ආ ඉරාන පාපන්දු නිලධාරීන්ව කැනඩාවේ දී හරවා යවයි
කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.

