leader s

ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන "Aliya Beer" ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත.


දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Aliya Beer, මෙලෙස අපනයන වෙළඳපොළට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ අනන්‍යතාවය සහ ගුණාත්මකභාවය ලොවට හඳුන්වා දීමේ අරමුණෙනි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති Aliya Beer, එහි 'Lager' සහ 'Strong' යන මාදිලි ද්විත්වයෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ලබාගත හැකි අතර  'Aliya Lager' හරහා ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට සූදානම් වේ.

 

DCSL සමාගම සතු වසර ගණනාවක ප්‍රවීණත්වය සහ අත්දැකීම් පදනම් කරගනිමින් මෙම සන්නාමය නිපදවා ඇති අතර ඉහළම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය සහ විශිෂ්ට රසය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට පමණක් නොව, ශ්‍රී ලාංකීය බියර් නිෂ්පාදන ප්‍රියකරන ජාත්‍යන්තර පාරිභෝගිකයන්ටද ආකර්ෂණීය වන අයුරින් නිර්මාණය කර ඇත. ගෝලීය වෙළඳපොළට පිවිසීමත් සමඟ, Aliya Beer යනු හුදෙක් බියර් වර්ගයක් පමණක් නොව, එය ශ්‍රී ලාංකේය නියෝජනයන් ලොවට ගෙන යන සන්නාමයක් ලෙස හැඳින්විය හැකිය.

 

Aliya Beer ජාත්‍යන්තර වෙළඳපොළට ව්‍යාප්ත කිරීම DCSL Breweries Lanka සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. සමාගමේ මීළඟ ඉලක්කය වන්නේ ලෝක වෙළඳපොළ වෙත අවධානය යොමු කරමින්, Aliya Beer වෙත ජාත්‍යන්තර පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සහ එම වෙළඳපොළ තුළ ස්ථාවර වීමයි. මෙම පියවර මගින් Aliya Beer හි උසස් ප්‍රමිතිය පමණක් නොව, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ද මැනවින් පිළිඹිබු වේ.

ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සහ නවීනතම නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිත කරමින් මෙතෙක් මෙරට පාරිභෝගිකයන්ට ලබාදුන් එම විශිෂ්ට අත්දැකීම, මෙම නවතම නිපැයුම් හරහා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ද දායාද කිරීමට ලැබීම මහත් අභිමානයකි. දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට ද උසස්ම තත්ත්වයේ නිෂ්පාදන අඛණ්ඩව ලබාදීමට ආයතනය සතු කැපවීම මෙයින් මැනවින් සනාථ වේ.

 

" Aliya Beer හරහා අප උත්සාහ කරන්නේ ලංකාවේ අනන්‍යතාවය සහ උසස් ගුණාත්මකභාවය ජාත්‍යන්තරයට ගෙන යාමටයි. අපගේ නිෂ්පාදන ලෝක වෙළඳපලට හඳුන්වා දීමට ලැබීම අප ලද මහඟු ජයග්‍රහණයක් ලෙස අපි දකිමු.” යයි මෙම ව්‍යාප්තිය පිළිබඳ අදහස් දක්වමින් DCSL Breweries Lanka හි  විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ, කසුන් ජයවර්ධන පැවසීය.

 

DCSL Breweries Lanka හි නිෂ්පාදන පෙළට දැනටමත් Heineken සහ Tiger වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සන්නාමයන් මෙන්ම, Bison සහ DCSL Beer වැනි ප්‍රසිද්ධ දේශීය සන්නාමයන් ද ඇතුළත් වේ. Aliya Beer මෙම එකතුවට එක්වීම හරහා ජාත්‍යන්තරව පිළිගත් සහ දේශීයව නිෂ්පාදිත උසස්ම ප්‍රමිතියේ බියර් වර්ග පාරිභෝගිකයාට ලබා දීමට සමාගම දක්වන දායකත්වය තවදුරටත් තහවුරු වේ.

 

ඡායාරූප විස්තරය - තාරක සිල්වා – සන්නාම සහ වෙළඳ අලෙවිකරණ ප්‍රධානී, සුනිල් ජයවීර – ජාත්‍යන්තර වෙළඳ උපදේශක, ෂාඕ ටියැන් (Zhao Tian) – Imagiland Resort Investment and management ආයතනයේ ආනයනික සමාගමේ සභාපති, ඔනිඩා කුලසේකර – Imagiland Resort Investment and Management Co Ltd හි ප්‍රධාන විධායක නිලධාරී (CEO), මෝහන් අමරසේකර – දේශීය කළමනාකරු , Imagiland Resort Investment and management පුද්ගලික සමාගම.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්