මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවැතියහොත් මෙරට අපනයන ක්ෂේත්‍රයට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 650ක පමණ බලපෑමක් සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ ඇස්තමේන්තු කර ඇත.
ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු තබා සිටින නමුත් පවතින අර්බුදකාරී සහ ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පැවැතියහොත් අපනයන ආදායම ඩොලර් මිලියන 650කින් පමණ අඩුවනු ඇතැයි එම විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
මැදපෙරදිග කලාපය යනු ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෙළෙඳපොළක් වන අතර මෙරට ආහාර හා කෘෂිකාර්මික අපනයනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැද පෙරදිග හෙවත් බටහිර ආසියානු කලාපයට යැවෙයි. එම නිසා මෙම යුදමය තත්ත්වයත් ඒ නිසා පැන නැගී තිබෙන අවිනිශ්චිත තත්ත්වයත් දීර්ඝකාලීනව පැවැතියහොත් එය මෙරට ආර්ථිකයට සුවිශාල බලපෑමක් එල්ල කරනු ඇත.
ඉකුත් 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින සිටින අවස්ථාවක අපනයන ආදායම් අඩු වුවහොත්, විදේශ විනිමය ගලාඒම් අඩු විය හැකි අතර ඒ නිසා රුපියල මත අමතර පීඩනයක් එල්ල වනු ඇත. එය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය මන්දගාමී කරනු ඇත.
ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් කරගැනීමේදී අපනයන ආදායම ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස සලකන අතර අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය වෙළෙඳපොළ ස්ථාරවත්වය ඊට අත්‍යවශ්‍ය තත්ත්වයකි.
අපනයන සංවර්ධන මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන අතර, වත්මන් තත්ත්වයට ඒකාබද්ධ ව ප්‍රතිචාර දැක්වීම සඳහා එම මණ්ඩලය මේ වනවිට උපදේශන කටයුතු ආරම්භ කර තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ කවුන්සිල සාමාජිකයන්ගේ මීළඟ රැස්වීම ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත අතර එහිදි, අපනයකරුවන් සකසන ලද නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ මත පදනම් වෙමින් සහාය යාන්ත්‍රණ සැකසීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී තිබේ.
යුද්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සහ එහි පීඩනය අවම කරගැනීමට ශ්‍රී ලංකාව කෙටි හා දීර්ඝකාලීන උපායමාර්ග අනුගමනය කළ යුතු යැයි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ ප්‍රකාශ කරති.
මුලාශ්‍රය :
Sri Lanka’s Export Sector Faces US $650 Million Gulf War Shock








