leader s

මාස ගණනාවක් තිස්සේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට සභාපතිවරයකු පත්කර නොමැත.


ඒ පිලිබඳ කළ විමසීමකදී ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ, පසුගිය දෙසැම්බර් මාසයේදී හිටපු සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව සභාපතිවරයෙක් පත්කර නොමැති බවයි.

රටට ආයෝජන ගෙන එන ප්‍රධාන දොරටුව වන රජයේ විදේශ විනිමය ලගාකර ගැනීමේ ප්‍රමුඛ ආයතනයක සභාපති තනතුර මාස දෙකක් හිස්ව පැවතීම වර්තමාන ආර්ථික අර්බූදයට විසදුම් සොයන රජයට විශාල අවාසියක් වී ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසති.

මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු සදහන් කලේ, දැනට ආයෝජන කලාපයන්හි රේගු කටයුතු ආයෝජන මණ්ඩල කාර්‍ය මංඩලයෙන් ඉවත් කර ශ්‍රි ලංකා රේගුවවට ලබා දී ව්‍යුහාත්මක වෙනස්කම් කරන අවස්ථාවක සභාපතිවරයාගේ වගකීම සහා නියෝජනය අත්‍යවශ්‍ය කරුනක් බවයි.

ආයෝජන මණ්ඩල ආයෝජකයන් ද මෙම නව තීරණය සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින අතර මණ්ඩලයට රජයේ නියෝජනයක් නොමැති වීම අතිශයින් ම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙති.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්