2005 -2015 පාලන කාලය තුළදී 2002 ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලද නිෂ්පාදනය කර අපනයනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ සමාගම් නොයෙකුත් හේතු ඉදිරිපත් කර දේශීය සමාගම් බවට පත්කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මහා පරිමාණ විදේශ ආයෝජන පමනක් යොදා ගනිමින් අපනයනය සඳහාම ආරම්භ කරන ආයෝජන මණ්ඩල සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු අනුමැතියකින් තොරව දේශීය සමාගම් බවට පරිවර්තනය කරගෙන තම නිෂ්පාදන 100% දේශීය වෙලදපලට යොමු කිරීම නිසා දේශීය ආයෝජකයින්ට විශාල අසාධාරණයක් වී ඇත.
මෙම නීත්‍යානුකූල නොවන උපක්‍රමය නිසාවෙන් යන්ත්‍ර සූත්‍ර උපකරණ ආනයනයේදී ගෙවිය යුතු විශාල තීරු බදූ ප්‍රමාණයක් නොගෙවා පැහැර හැර ඇති අතර මෙම සමාගම් නිසා දේශීය වශයෙන් මුදල් ආයෝජනය කර මහා පරිමාණයෙන් බැංකු පහසුකම් ලබාගෙන ආරම්භ කරන ලද දේශීය කර්මාන්ත කරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
විශේෂයෙන්ම 2010- 2015 කාලය තුළ මෙම අවභාවිතයන් සිදුකර ඇති අතර ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් ඉතා රහසිගතව මෙම සමාගම්, දේශීය සමාගම් ලෙස පරිවර්තනය කර ඇත.
ඒ අතරතුර ආයෝජන මණ්ඩලය සමඟ 17 වන වගන්තියේ ගිවිසුම්වලට එළඹීමට දැනට පවතින ආයෝජන මණ්ඩලය නොවන සමාගම්වලට අවසර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
සම්මත දේශීය සමාගම්වලට ලබා ගත නොහැකි, ආයෝජන මණ්ඩල රාමුව යටතේ සපයනු ලබන නීතිමය ආරක්ෂාව සහ ආයෝජන ඇපකර සඳහා ආයෝජකයින් බොහෝ විට මෙම තත්ත්වය අපේක්ෂා කරයි.
නාමිකව ආයෝජන මණ්ඩලයෙන් විදේශීය සේවකයන් ගෙන්වා ගැනීමට පමනක් ලබා දෙන අනුමැතිය යටතේ දේශීය වෙළඳපළට භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වසර ගණනාවක් තිස්සේ ආනයනය කරමින් සිටී.
දේශීය සමාගම්වලට පනවා ඇති නීති රීති, රේගු නිෂ්කාෂන ක්‍රියාවලිය සහ ආනයන බලපත්‍ර ලබා ගැනීමේදීද මෙම සමාගම් ක්‍රියා කරන්නේ ආයෝජන මංඩල සමාගම් ලෙසයි.
බලපත්‍ර ක්‍රමයට නතු කර ඇති අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආයෝජන මණ්ඩල සමාගම් ලෙස කටයුතු කරමින් සිටින බව අදාළ කර්මාන්තයට සම්බන්ධ දේශීය සමාගම් හිමිකරුවන් පෙන්වා දෙයි.
2023 න් පසු සමහර සමාගමවලට තම නිශ්පාදනවලින් 40 ක් දේශීය වෙලදපලට සැපයීමට අවසර ලබා දී අතර සමහර සමාගම්වලට 100% දේශීය වෙලදපලට සැපයීමට අවසර දී ඇත. හම්බන්තොට අක්කර 200 ක පමන භූමියක් රජයෙන් ලබාගෙන ඇති ලාෆ්හ් ගෑස් සමාගම 100% තම නිශ්පාදන දේශීය වෙලදපලට සැපයීමට හැකිවීම උදාහරණක් ලෙස දැක්විය හැක.
මේ සම්බන්ධව අපට තොරතුරු ලබාදුන් දේශීය ව්‍යාපාරිකයන් පවසා සිටියේ බලපත්‍ර ක්‍රමයට නතු කරන අමු ද්‍රව්‍ය ආනයනයේදී කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු අතර එම කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් රාජ්‍ය සංස්ථා සහ නියාමන ආයතන වලින්ද නිර්දේශ ලබාගත යුතුව ඇති බවයි.
එහෙත් මෙම 100% විදේශ ආයෝජන සහිත සමාගම් ආයෝජන මණ්ඩලයෙන් පමණක් අනුමැතිය ලබාගෙන අදාළ අමුද්‍රව්‍ය නිශ්කාසනය කරන්නේ අපනයනය සඳහා යන්න පෙන්නුම් කරමින්ද යන්න සැකයක් පවතී.
ශ්‍රී ලංකා රේගුවද නොමග යවා ඇති බව කර්මාන්ත කරුවන් සදහන් කරයි.
අපනයනය භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආනයනය කරනූ ලැබූ යන්ත්‍ර සූත්‍ර , කර්මාන්ත ශාලා සහ අනෙකුත් උපකරන දේශීය වශයෙන් යොදා ගන්නේ නම් ඒ සඳහා මිලියන දහස් ගණනක් තීරු බදු වශයෙන් ගෙවිය යුතු වුවත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති අතර ආයෝජන මණ්ඩලය මේ ආකාරයට කර්මාන්තශාලා පරිවර්තනය කළේ කුමන නීතියක් යටතේද යන්න පැහැදිලි නැත.
තවද අදාළ සමාගම් විදේශ අපනයනය සඳහා යයි සදහන් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් ලබා ගත් බන්දිත ගුදම් පහසුකම් ද (bonded were house ) අදටත් භාවිතා කරන බවටද පැමිණිලි ලැබී ඇත.
මෙම පහසුකම තිබෙන සමාගම්වලට ආනයනයේදී තීරු බදු ගෙවීමට අවශ්‍ය නොවන අතර අමු ද්‍රව්‍ය භාවිතයට ගන්නා අවස්ථාවේදී කොටස් වශයෙන් තීරු බදූ ගෙවීම නිසා රජයටද විශාල මුදලක් අහිමිවන අතර අනෙකුත් තරගකාරී සමාගම්වලට විශාල අසාධාරණයක් වන බව නොරහසකි.
මෙම බහුජාතික බූවල්ලන් නිසා ("Level playing field" ) සාධාරණ තරඟයක්, සම අවස්ථා සහ සමාන තත්වයක් නොමැති වීම නිසා දේශීය සමාගම් අර්බූදයට ගොස් ඇත.
"සියලුම ව්‍යාපාර සඳහා level playing field එකක් නිර්මාණය කිරීම රජයේ වගකීමකි."
මේ සම්බන්ධයෙන් කර්මාන්ත ඇමතිවරයා ඇතුලු ඉහල නිලධාරීන් ද මුනිවත රකින බව දේශීය කර්මාන්තකරුවන් පෙන්වා දෙයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ දේශීය නිශ්පාදකයන් ඉදිරියේදී කර්මාන්තය අමාත්‍යාංශයෙන් සහ ආයෝජන මංඩලයෙන් මෙසේ අවසර දී ඇති සමාගම් පිලිබඳව විමසීමට කටයුතු කරන බව තහවුරු කරන බව ප්‍රකාශ කරන ලදී.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
මුලාශ්‍රය :
BOI Investment Incentives Under Scrutiny Amid Market Distortion Claims








