leader s

මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ රත්රන් මිල සීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ, මෙරට දේශීය වෙළඳපොළේ ද රත්රන් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.


කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳුන් ප්‍රකාශ කරන පරිදි, ගතවූ දින දෙක සහ අද (23) දිනය ඇතුළත රත්රන් මිල සමස්තයක් ලෙස රුපියල් 29,000 කින් පමණ පහළ ගොස් තිබේ. මෙය මෑත ඉතිහාසයේ දේශීය වෙළඳපොළේ රත්රන් මිලෙහි සිදු වූ සුවිශේෂී වෙනස් වීමකි.

ගෝලීය තත්ත්වය සලකා බැලීමේදී, ඊයේ දිනය වන විට ලෝක වෙළඳපොළේ රත්රන් මිල 10% ඉක්මවූ ප්‍රතිශතයකින් පහත වැටී ඇත. මෙය 1983 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම සතිපතා මිල පහත වැටීම ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ලෝක වෙළඳපොළේ රත්රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 4,477.5 ත් 4,735.81 ත් අතර අගයක සටහන් වන බව ද වාර්තා වේ. මැදපෙරදිග පවතින අස්ථාවරත්වය මෙම මිල උච්චාවචනයන් කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දේශීය වෙළඳපොළේ මෙම මිල පහත වැටීමත් සමඟ රත්රන් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයන් හට සහනයක් හිමිවනු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

whatsapp 202507155

fuel 1

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්