leader s

පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධිය මතුපිට පස ස්තරයේ අන්තර්ගත වටිනා ඛනිජ වැලි වෙන් කිරීම සහ එම පස භාවිතයෙන් කළ හැකි වෙනත් ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ (Expressions of Interest - EOI) කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණවලට අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මීට පෙර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් පෞද්ගලික සමාගම් සමඟ එළඹ තිබූ ගිවිසුම්වල පවතින නීතිමය ගැටලු සහ දැනට අධිකරණය හමුවේ පවතින නඩුකර පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට නියමිතය.

විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරමින් සුදුසුම ආයෝජකයා තෝරා ගැනීම සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ කැබිනට් මණ්ඩලය මගින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් (CANC) පත් කිරීමට ද අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතියේදී විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිරීක්ෂණවලට යටත්ව කටයුතු කළ යුතු බවට අවධාරණය කර ඇති අතර, තෝරා ගනු ලබන ආයෝජකයා එම කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන බව තහවුරු කර ගත යුතු බව ද කැබිනට් තීරණයේ සඳහන් වේ.

අරුවක්කාලු ප්‍රදේශයේ පවතින මෙම ස්වභාවික සම්පත් මගින් මෙරට ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම රජයේ අරමුණ වී තිබේ.

 

11CamScanner 05 02 2026 14.36 page 0003

1CamScanner 05 02 2026 14.36 page 0001

CamScanner 05 02 2026 14.36 page 0002

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්