ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායි ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 හා 20 යන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයන් www.emiratesgroupcareers.com/engineering හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
පලපුරුදු කාර්මික ශිල්පීන් හට මෙම සැසියට සහභාගි විය හැකි අතර එහිදී සහභාගී වන්නන්ට ඩුබායි හි රැකියා අවස්ථා වේතන සහ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබේ.
එමිරේට්ස්හි වෘත්තිය ජීවිතය, ප්‍රගතිය සහ වෘත්තිය සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ගුවන් සමාගමේ ඉංජිනේරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමටද මෙහිදී අවස්ථාව සැලසේ.
එමිරේට්ස්හි ගුවන් යානා කාර්මික ශිල්පීහු බලපත්‍ර ලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ මග පෙන්වීම යටතේ ගුවන් සමාගමේ සහ තෙවන පාර්ශවීය ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකරති.
වාණිජ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අනුමත ආධුනිකත්වයක් හෝ ඊට සමාන සුදුසුකමක් සහ අවම වශයෙන් අවුරුදු පහක පලපුරුද්දක් අවශ්‍ය වේ.
(ලංකාදීප FT)








