දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කැපිපෙනෙන ආකාරයෙන් ශක්තිමත් වෙමින් පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, ඩොලරයක ගැනුම් මිල රු. 326.01ක් සහ විකුණුම් මිල රු. 336.42ක් දක්වා සීඝ්‍රයෙන් පහළ බැස ඇත.
පසුගිය සිකුරාදා (22) දිනයේ ඩොලරයක ගැනුම් මිල රු. 342.67ක් සහ විකුණුම් මිල රු. 353.17ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව කෙටි කාලයක් තුළ ඩොලරයේ අගය රුපියල් 16කින් පමණ පහත වැටී තිබීම විශේෂත්වයකි.
වාණිජ බැංකු අනුපාතික පහළට
මහ බැංකු නිවේදනයත් සමඟ දිවයිනේ ප්‍රධාන වාණිජ බැංකුවල ද ඩොලරයේ මිල ගණන් පහත වැටී ඇති අතර, (25) දින සටහන් වූ මිල ගණන් මෙසේය:
රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුවේ මැදිහත්වීම
පසුගිය සතියේ ගෝලීය බලශක්ති මිල ඉහළ යාම සහ මැදපෙරදිග නොසන්සුන්තා හේතුවෙන් ඩොලරය තවදුරටත් ඉහළ යනු ඇතැයි බියෙන් ආනයනකරුවන් විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීමට පෙළඹුණි. එමෙන්ම අපනයනකරුවන් ද තමන් උපයන විදේශ විනිමය රුපියල් බවට පත් කිරීම ප්‍රමාද කිරීම නිසා වෙළෙඳපොළ තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී රුපියල රු. 331-348 දක්වා දුර්වල විය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව වහාම මැදිහත් වූ ආකාරයක් ප්‍රදර්ශනය වන අතර, බැංකු ප්‍රධානීන් හමුවී අන්තර් බැංකු ඩොලර් අනුපාතයට නිල නොවන සීමාවක් පැනවීමට පියවර ගෙන ඇත. මීට අමතරව, අපනයන ආදායම් රුපියල් බවට පත් කිරීමේ කාලය දින 90 සිට දින 30 දක්වා කෙටි කිරීමට ද අවධානය යොමුව තිබේ.
ඉදිරි දැක්ම
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පෙන්වා දෙන්නේ පෙර පැවති ආර්ථික අර්බුදවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව මේ වන විට ස්ථාවර මට්ටමක පසුවන බවයි.
කෙසේ වෙතත්, රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ආනයන වියදම් සහ උද්ධමනය ඉහළ ගොස් ජනතාවගේ ජීවන බර වැඩිවිය හැකි බැවින්, විදේශ විනිමය සංචිත රැකගනිමින් රුපියල ස්ථාවරව තබා ගැනීමේ දැඩි අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටී. මුල්‍ය විශේෂඥයන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළ හැසිරීම රුපියලේ ඉදිරි ගමන තීරණය කරනු ඇති බවයි.
IMF තීරණාත්මක රැස්වීම නිමිත්තක්?
මූල්‍ය අංශයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ රුපියල මෙලෙස ශක්තිමත් වීම පසුපස ඉදිරි දින කිහිපයේ සිදුවීමට නියමිත තීරණාත්මක ආර්ථික හැරවුම් ලක්ෂ්‍යයක් ද පවතින බවයි.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ රැස්වීමක් මැයි 27 දිනට යෙදී තිබීම, මෙම වෙළෙඳපොළ හැසිරීම කෙරෙහි ධනාත්මක සහ සෘජු බලපෑමක් එල්ල කර ඇති බව පෙනී යයි.








