leader s

ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවන් සහ භූදේශපාලනික නොසන්සුන්තාවන් හමුවේ, යුරෝපය වඩාත් විශ්වාසදායී වෙළඳ හවුල්කරුවන්

සහ විවිධාංගීකරණය වූ ආයෝජන ගමනාන්ත සොයමින් සිටින වටපිටාවක, ඉන්දියන් සාගර කලාපයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම කෙරෙහි ජර්මනියේ දැඩි අවධානය යොමුව තිබේ.

මේ බව අනාවරණය වූයේ “විශ්වාසදායී හවුල්කාරිත්වයන් ගොඩනැගීම” (Building Trusted Partnerships) යන තේමාව යටතේ කොළඹදී පැවැත්වුණු "ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026" අතරතුරදීය.

මෙම සමුළුව සඳහා ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වූහ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැපයුම් දාම (Logistics), පුනර්ජනනීය බලශක්තිය, සමුද්‍රීය සේවා, තිරසාර තාක්ෂණය (Green Tech) සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍රයන්හි පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සමුළුවේදී අදහස් දැක්වූ ජර්මානු ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ නියෝජිත ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) ප්‍රකාශ කළේ යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යා කරන කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව, ජර්මනියේ අනාගත ජාත්‍යන්තර වෙළඳ උපායමාර්ගයන්හි වැදගත් ස්ථානයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නොයිමන් (Dr. Felix Neumann) සහ ජර්මානු වාණිජ මණ්ඩලයේ ආචාර්ය නිකෝල් රෙන්වර්ට් (Dr. Nicole Renvert) මෙහිදී අවධාරණය කළේ, මහා පරිමාණ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම් ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය, විනිවිදභාවය සහ ව්‍යාපාර කිරීමේ පහසුව (Ease of Doing Business) අත්‍යවශ්‍ය සාධක වන බවයි.

"ව්‍යාපාර කිරීමේදී පුරෝකථනය කිරීමේ හැකියාව (Predictability) ඉතා වැදගත්" යැයි ද ඔවුහු පැවසූහ.

එමෙන්ම, මෑතකාලීන ආර්ථික අර්බුද හමුවේ වුවද ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය පෙන්වූ ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ජර්මානු නියෝජිතයන් වන මාර්ටින් ක්ලෝස් සහ අල්මුත් රොස්නර්ගේ ඇගයීමට ලක්විය.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය කෙරෙහි ජර්මනිය තබා ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නකි. එහෙත්, මෙම උනන්දුව සැබෑ ආයෝජන බවට පත් කර ගනිමින් දිගුකාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නම් ශ්‍රී ලංකාව අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ස්ථාවර පාලන තන්ත්‍රයක් තහවුරු කළ යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

(සටහන | කෙෂල් ජයසිංහ)
Keshal Jayasingha
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්