leader s

* 2027 මුල් භාගය වන විට CCC+ මට්ටමේ සිට ඉදිරියට යාමට මහා භාණ්ඩාගාරය සැළසුම් කරයි


* 2027-28 කාලයේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 1.5ක් උපයා ගැනීමේ අභියෝගය

ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික හා ණය අර්බුදයෙන් පසුව, රටේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් (Sovereign Credit Rating) පළමු වරට ඉහළ නංවා ගැනීම සඳහා රජය සූදානම් වෙමින් සිටී.

මූල්‍ය ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම වැනි කොන්දේසි සපුරාලීම මත, වත්මන් 'CCC+' මට්ටමේ පවතින ශ්‍රේණිගත කිරීම 2027 වසරේ මුල් භාගය වන විට 'B-' මට්ටම දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාර නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (COPF) දැනුම් දී තිබේ.

2022 වසරේ සිදු වූ ආර්ථික බිඳ වැටීම, ස්වෛරී ණය පැහැර හැරීම සහ විදේශ සංචිත ක්ෂය වීම හමුවේ ජාත්‍යන්තරය තුළ මෙරට මූල්‍ය විශ්වාසනීයත්වයට දැඩි බලපෑමක් එල්ල විය. වත්මන් සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය, මූල්‍ය විනය සහ ණය කළමනාකරණය පිළිබඳ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වය සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව භාණ්ඩාගාර නිලධාරීහු තහවුරු කරති.

රාජ්‍ය ණය පහත දැමීමේ ඉලක්ක සහ වෙළෙඳපොළ තත්ත්වය

මහා භාණ්ඩාගාරය පෙන්වා දෙන පරිදි, ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය ණය ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටීමයි. ඒ අනුව, 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 98.3%ක් ලෙස පැවති රාජ්‍ය ණය ප්‍රමාණය, ඉදිරි මූල්‍ය ඒකාබද්ධතා වැඩපිළිවෙළ ඔස්සේ 2032 වසර වන විට 86.7%ක් දක්වා අඩු කර ගැනීමට ඉලක්ක කර ඇත.

කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල සැබෑ වර්ධනයක් අත්කර ගැනීමට නම් හුදු දර්ශක වර්ධනයට වඩා තිරසාර මූල්‍ය ස්ථාවරත්වයක්, ශක්තිමත් පාලන ව්‍යුහයක් සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රදර්ශනය කළ යුතු බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී අවධාරණය කළේ, 2027-28 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුවන බැවින්, ගෝලීය ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැඟීම අත්‍යවශ්‍යම පූර්ව කොන්දේසියක් බවයි.

වත්මන් මූල්‍ය වෙළෙඳපොළ දත්ත අනුව, 2035 වසරේදී කල් පිරෙන ශ්‍රී ලංකාවේ පාලන පදනම් කරගත් බැඳුම්කර (Governance-linked bonds) තවමත් 8.3% - 8.5% වැනි ඉහළ ප්‍රතිලාභ අනුපාත යටතේ වෙළෙඳාම් වෙමින් පවතී. මෙයින් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තවමත් ශ්‍රී ලංකාව ඉහළ අවදානමක් සහිත ණය ගැතියෙකු ලෙස සලකන බවයි.

දිගුකාලීන ප්‍රතිලාභ සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය

ශ්‍රී ලංකාව අර්බුදයට පෙර පැවති 'B+' වැනි ඉහළ ශ්‍රේණිගත කිරීමේ මට්ටමකට ළඟා වීමට නම්, අදියර කිහිපයකින් ශ්‍රේණිගත කිරීම් උසස් කරගත යුතු බව බලධාරීහු පිළිගනිති. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිවල අඛණ්ඩ පැවැත්ම, ණය පාලනය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම සෘජුවම රටේ සමස්ත ආර්ථිකයටම බලපාන සාධකයකි. එමඟින් විදේශයන්ගෙන් ණය ලබා ගැනීමේ පිරිවැය (පොලී අනුපාත) අඩු වීම, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පහසු වීම, ගෝලීය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් වීම සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික වර්ධනයට මනා පිටුවහලක් ලැබීම වැනි පුළුල් ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමි වේ.

මුලාශ්‍රය :

Rating Revival: Sri Lanka Eyes B- Upgrade as Economy Rebuilds

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්