leader s

දශක ගණනාවක විශ්වාසනීය මිතුදමේ අගය සහ උපන්දිනය වෙනුවෙන් ක්‍රිෂාන්ත කුරේ තැබූ සටහන


ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ පෞද්ගලික ජීවිතයේ සරල බව සහ ගුණාත්මකභාවය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ආයතනික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ මෙරට ව්‍යාපාරික දැවැන්තයෙකුව සිටි හැරී ජයවර්ධන මහතාගේ 84 වන ජන්ම දිනය අදට (අගෝස්තු 17 වන දිනට) යෙදී තිබේ. ඒ වෙනුවෙන් අදහස් දක්වමින් ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි (LinkedIn) ඉතා සංවේදී සටහනක් තබා තිබේ.

තමන් සහ හැරී ජයවර්ධන මහතා අතර පැවති දීර්ඝකාලීන මිතුදම සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳව සිහිපත් කරන ක්‍රිෂාන්ත කුරේ,  එම චරිතයේ දැකිය හැකි වූ මානුෂීය සහ වෘත්තීය ගති ලක්ෂණ LinkedIn සටහනේ විග්‍රහ කර ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකා අමතා ඇත්තේ 'ලොක්කා' යන අන්වර්ථ නාමයෙනි.

හෘදයාංගම මිතුදමක ගැඹුර: පවුල් අතර බැඳීම


1786908781237
මෙම උපන්දිනය සිහිපත් කරමින් ක්‍රිශාන්ත කුරේ පෙන්වා දෙන්නේ හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් වසර එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත්, ඔහු කෙරෙහි ඇති ගෞරවය තවමත් නොනැසී පවතින බවයි. විශේෂයෙන්ම මෙම වසරේ ඔහුගේ උපන්දිනය සිහිපත් ව ඇත්තේ සිය දියණියගේ මැදිහත්වීම නිසා බව ක්‍රිෂාන්ත පවසයි.

"එය මගේ දියණිය මට මතක් කළා. අප සිටින්නේ රටවල් දෙකක වුවත්, ඇය ඒ ගැන මට මතක් කිරීමට තරම් උත්සාහයක් ගත්තේ ඇය මගේ මිතුරා කෙරෙහි මා තුළ තිබූ ගෞරවය සහ හැරී ජයවර්ධන මහතා අපේ පවුලේ අය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතාවය නිසා බව මම දන්නවා," යනුවෙන් ඔහු සඳහන් කරයි. මෙම සටහන මගින් පවුල් අතර පැවති විශ්වාසය සහ සබඳතාවයේ ගැඹුර මනාව පෙන්නුම් කරයි.

ව්‍යාපාරික ලෝකයේ 'හැරී'

ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ හැරී ජයවර්ධන මහතාගේ ව්‍යාපාරික විලාසය පිළිබඳව විශ්ලේෂණාත්මකව අදහස් දක්වන ක්‍රිෂාන්ත, ඔහු කිසිවිටෙකත් අනුමාන මත පදනම් වූ (speculative) ව්‍යාපාර සිදු නොකළ බව පවසයි. ඒ වෙනුවට ඔහු ඉතා සූක්ෂම, සැලසුම් සහගත සහ වගකීම් සහගත ගමන් මගක් තෝරාගත් බව ක්‍රිෂාන්ත අවධාරණය කරයි.

ජයවර්ධන මහතාගේ ව්‍යාපාරික සාර්ථකත්වයේ රහස ලෙස ක්‍රිෂාන්ත දකින්නේ ඔහුගේ මූලික පදනම ශක්තිමත් කර ගැනීමට ඔහු දැක්වූ උනන්දුවයි. එසේම, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි තීරණ ගත්තද, මිත්‍රත්වයන් පවත්වා ගැනීමේදී ඔහු අනුගමනය කළ නිරවුල් සහ අවංක පිළිවෙත නිසාම තමන් ඔහු කෙරෙහි මහත් ගෞරවයකින් පසුවන බවත්, දුෂ්කර අවස්ථාවලදී පවා ඔහු තමන් වෙනුවෙන් නොසැලී සිටි බවත් ක්‍රිශාන්ත කුරේ සිය මතක සටහන් තුළින් සිහිපත් කර තිබේ.

මෙම සටහන පෙන්වා දෙන්නේ එක්තරා ආකාරයක ව්‍යාපාරික නායකයෙකුගේ වෘත්තීය ජීවිතයට වඩා, ඔහුගේ පෞරුෂය සහ ඔහු වටා සිටි පුද්ගලයින් කෙරෙහි ඔහු දැක්වූ අනුකම්පාව සහ ගුණාත්මකභාවයයි.


වැඩිදුර කියවීම සඳහා:
ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේගේ සම්පූර්ණ සටහන මෙතැනින් කියවන්න
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්