leader s

ආර්ථික අභියෝග හමුවේ නැගී සිටින්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගික මගපෙන්වීමක්


බදු අනුකූලතාව, මූල්‍ය වෙළෙඳපොළ සහ දේපොළ ආයෝජන ගැන ප්‍රවීණයන්ගෙන් පුළුල් විග්‍රහයක්


ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රධානතම ගාමක බලවේගය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ලංකා බිස්නස් ටී.වී. සංවිධානය කළ “ව්‍යවසායකයා“ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා මහනුවර 'Kandy Myst by Cinnamon' හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.


දිවයින පුරා ව්‍යාප්ත වන මෙම සමුළු මාලාවේ 09 වන අදියර ලෙස සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්ෂේත්‍ර රැසක ව්‍යවසායකයෝ සහ ආයෝජකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

 

ent 1
කොළඹින් බැහැරට ගලා ආ මූල්‍ය සාක්ෂරතාව

මෙරට සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 52 කට වැඩි දායකත්වයක් සපයන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව බොහෝ විට කොළඹ කේන්ද්‍රීය ආර්ථික සාකච්ඡාවලින් බැහැරව සිටින පසුබිමක, ප්‍රාදේශීය ව්‍යවසායකයා ජාතික මට්ටමේ මූල්‍ය හා ආයෝජන දැනුමෙන් සන්නද්ධ කිරීම මෙම සමුළුවේ මූලික ඉලක්කය වී තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ සඳහන් කළේ, මෙය මේ වනවිට මෙරට පැවැත්වෙන විශාලතම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සමුළු මාලාව බවයි. පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් 2027 වසර වන විට තෝරාගත් දිස්ත්‍රික්ක 04 ක මෙම සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, මීළඟ සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

බදු අනුකූලතාව සහ නව ආයෝජන ප්‍රවණතා

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රකට ව්‍යවසායකත්ව පුහුණුකරු වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන විසින් සිදුකරන ලදී.

වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් වන නව බදු ප්‍රතිපත්ති සහ ඊට අනුගත වීමේ ක්‍රමවේද පිළිබඳව BDO Partners ආයතනයේ හවුල්කරු මෙන්ම විගණන හා බදු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සුජීව රාජපක්ෂ මෙහිදී සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය. විශේෂයෙන්ම විධිමත් මූල්‍ය වාර්තාකරණය මගින් අනවශ්‍ය නීතිමය ගැටලුවලින් මිදී ව්‍යාපාරයේ විශ්වසනීයත්වය ඉහළ නංවා ගන්නා ආකාරය ඔහුගේ දේශනයේදී අවධාරණය කෙරිණි.

එසේම, බැංකු පොලී අනුපාත ස්ථාවර මට්ටමක පවතින වත්මන් මූල්‍ය පරිසරය තුළ ව්‍යාපාරික ලාභය සාම්ප්‍රදායික ඉතුරුම්වලින් ඔබ්බට ගෙන ගොස් මුදල් වෙළෙඳපොළ අරමුදල් (Money Market Funds), කොටස් වෙළෙඳපොළ සහ ඒකක භාර (Unit Trusts) හරහා ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ උපායමාර්ග පිළිබඳව NDB Wealth Management සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා කරුණු ගෙනහැර දැක්වීය.

මීට අමතරව, දීර්ඝකාලීන වත්කම් සුරක්ෂිතභාවය සහ ප්‍රාග්ධන වර්ධනය සඳහා දේපොළ ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මෙන්ම John Keells Properties දේපොළ වෙළෙඳාම් අංශයේ ප්‍රධානී රුසිරු අබෙයසිංහ අදහස් දැක්වීය. සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස වෙළෙඳපොළ ජයගත් ආකාරය පිළිබඳ සිය අත්දැකීම් ප්‍රායෝගිකව බෙදාගැනීමට ජගත් දිසානායක එක්විය.

 

ent 3
ව්‍යවසායකයින්ගේ ඇගයීම

සමුළුවට එක්වූ ව්‍යවසායකයින් ප්‍රකාශ කර සිටියේ, ආර්ථික අභියෝග හමුවේ ව්‍යාපාර කළමනාකරණය කරගැනීමට සහ ඉදිරි ආයෝජන සැලසුම් සකස් කිරීමට අවශ්‍ය කාලීන දැනුම මෙමගින් හිමිවූ බවයි.

සමුළුව අවසානයේ පැවති විශේෂ දිනුම් ඇදීමකින් තේරීපත් වූ සහභාගිවන්නෙකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා ගොස් ඒම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

 ent 4

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්