leader s

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පෙරළා පැමිණි වහාම මහ මැතිවරණයක් පවත්වන බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග හෙළි

කර තිබේ.

මාර්තු 05 වැනිදා උදෑසන බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණෙන බව උදයංග වීරතුංග Talk with Chamuditha වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.

“මේ පාර බැසිල් අයියා එන්නේ පාර්ලිමේන්තු ඡන්දයට යන්න තමයි සම්පුර්ණයෙන්ම එන්නේ. ඒක හින්දා තමයි රථ පෙළපාලියකින් අරන් එන්නේ.” යැයි උදයංග වීරතුංග පැවසීය.

බැසිල් රාජපක්ෂ පැමිණි පසු පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන්ගේ නාම යෝජනා බාර ගැනිම සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

නැවත පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ හට පවුලේ ආශිර්වාදය ලැබි ඇතැයි කී හිටපු තානාපතිවරයා ඔහු පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා බව කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ හට කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටවීම සඳහා වැය වන මුදල සුපුරුදු පරිදි නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් ගෙවනු ඇති බව ද බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග එම සාකච්ඡාවේ දී පැවසීය.



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්