leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත්ම ඡන්ද ලකුණක් සහිතව

පොදු සන්ධානයකින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ ඉදිරිපත්වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත පවරා ඇතැයි ද ඉහත ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම බවද පැවසේ.

නිමල් ලංසා කණ්ඩායම ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශ්වය දැනට සැලසුම් කරමින් සිටී.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සමීපව දේශපාලන කටයුතු කරන පොහොට්ටු ප්‍රධානීහු වෙති.

 

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්