එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංග පවසයි.


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපතිවරයකු වන ඔහු පවසන්නේ, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකඟවන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි  මහ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව ඊයේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ ප්‍රකාශකළ බවයි. 

විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළ ද එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය එය නොවන බව ද උදයංග වීරතුංග පවසයි.

"කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි. අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි. ඔය ප්‍රකාශයකයෝ පත්කරත් ඔයිට වඩා ලැබෙනවා. ඇමතිකම බේරගන්න, යම්කිසි තනතුරක් ලබාගන්න උඩ දාලා ගත්තට ගමේ ජනතාවගේ දැක්මක් තියෙනවා. පොහොට්ටුවේ නායකයා කරන්නේ ඒ ඉල්ලීම."

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, ජනවරම විනාශ කර ගත් පොදුජන පෙරමුණට දේශපාලන අනාගතයක් නොමැති බවයි. 

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයක දි සියලු පක්ෂවල සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හිමිවන බව අකිල විරාජ් කාරියවසම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර සමගි බලවේගයේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවයි.

(adaderana.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image