leader s

රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහගෙන් රූපවාහිනි නාළිකාව මාධ්‍යවේදියෙකු විමසූ දේශපාලන අවර

සංස්කෘතික ගනයේ ප්‍රශ්නවලට ඉතා කදිම පිළිතුරු ලබා දී තිබේ.

මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයේ හරය වී තිබුණේ බැසිල් රාජපක්ෂ යළි මෙරටට පැමිණීම පිළිබඳව වෙනම ආකාරයක ප්‍රචාරයක් ලබාදීම සහ ඔහුගේ පැමිණීමෙන් මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් ඇති බව ගම්‍ය කරවීම ය.

නමුත් රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මාධ්‍යවේදියාගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලින් ඔහු නිරුත්තර වී ගිය බව පැහැදිලි වේ.

මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න සහ ඒවාට ගීතා කුමාරසිංහ ලබා දුන් පිළිතුරු පහත පළවේ.

ප්‍රශ්නය:-
“ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට පැමිණියා. ඔහුගේ ආගමනය නිසා දේශපාලනය මොන අතට පෙරළෙයිද?“


පිළිතුර:-
“ඒ මහත්තයා ආවා කියලා ඔය ගොල්ල ඔච්චර මැරෙන්න හදන්නේ මොකටද? එතුමා ආවා. අපි වෙල්කම් කියනවා.“


ප්‍රශ්නය:-
“එතුමා දේශපාලන පෙරලියක් කරනවා කියලා සඳහන් කරනවා නේද?“

පිළිතුර:-
“ඒක මගෙන් අහන්න, මම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෝනාද? මං කොහොමද දන්නේ එතුමා කියන ඒවා ගැන. මේ ලඟ ඉන්නේ බත්තරමුල්ලේ. ගිහිල්ලා අහන්නකෝ.“


මෙරට සමාජය නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටින මොහොතක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යැයි කියා ගන්නා නාළිකා තව දුරටත් කුණු ගඳ ඕපාදූප දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමත් ගීතා කුමාරසිංහ එලෙසින් ප්‍රතිචාර දක්වා තිබීමත් විශේෂත්වයකි.


(lankatruth.com)

 

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්