leader s

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණි වහාම මහින්ද රාජපක්ෂ හා එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී

කරන ලද දේශපාලන සාකච්ඡා තීන්දුවකින් තොරව අවසන්වීමත් සමග රනිල් පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිළට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.

එම ප්‍රහාර මේ වනවිට රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් සහ රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ඒකකය විසින් ප්‍රවෘත්ති සහ දේශපාලන ගොසිප් බෙදා හැරීම යන ක්‍රියාමාර්ග දෙකෙන් දියත් කර තිබේ.

මාර්තු 10 වෙනිදා නිකුත් කළ 'සිළුමිණ' පුවත්පත ගෝඨාභය රාජපක්ෂ රචනා කරන ලදැයි කියන “කුමන්ත්‍රණය“ නම් ලියවිල්ල යොදා ගනිමින් ප්‍රධාන සිරස්තලය නිර්මාණය කර තිබේ.

එහි දක්වා තිබෙන්නේ “රනිල්ට ජනපති ධුරය දෙන්න හිතුවේ රටේ නීතිය, සාමය ස්ථාපිත කළ හැකි එකම නායකයා ඔහු නිසයි – අගමැති ධුරය ගන්නා ලෙස මා කළ ඉල්ලීම නොබියව බාර ගත්තෙත් රනිල් විතරමයි.“ යනුවෙන් දක්වා ඇත.

එමෙන් ම, අගමැතිකම බාර ගන්නා ලෙස සජිත්ට සහ ෆොන්සේකාට කී බවත් ඒ දෙදෙනාම එය මගහැර ගිය බවත් දක්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ යොදා ගනිමින් එක අන්තයක එලෙස ප්‍රචාරක කටයුතු කරන අතර අශෝක ජයතුංගගේ “ජනපති ඊ කොළම“ ආරම්භ කර තිබෙන්නේ රාජපක්ෂ පවුලට ම ප්‍රහාරයක් එල්ල කරමිනි.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රචාරකයෙක් වන අශෝක ජයතුංග ඇමරිකාවේ සිට මෙම කොළම ලියා ප්‍රචාරය කරයි. මෙම සතියට අදාළව එය ආරම්භ කර තිබෙන්නේ “රාජපක්ෂලා බොක්කෙන්ම මිනිස්සු අන්දලා ඡන්ද ගන්නට හපන්නු ය. රනිල් ඇන්දිල්ල හා බොරුව බැරිය.“ යනාදි වශයෙනි.

(lankatruth.com)

 

  


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්