leader s

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින

මහින්ද රාජපක්ෂ සහ  නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටින කණ්ඩායමට ඇතුළත් වන්නේ මන්ත්‍රීවරුන් විස්සකට අඩු පිරිසකි.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් එම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත්වන්නෝය.

සෙසු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී මේ පිරිස සභාවේ අසුන් ගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවද දැනගන්නට ඇත.

මේ අතර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ සිටින අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන්ද පක්ෂයේ තීරණයත් සමඟ කිසියම් අර්බුදකාරී තැනකට ගොස් ඇති අතර ආණ්ඩුවට විරුද්ධ මතයක සිට එම තනතුරු දැරීමද ගැටලුකාරීවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්