leader s

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පලකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක හා හිටපු ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුට සමීප ශ්‍රීලනිප සංවිධායකවරු කිහිප දෙනෙකු නුගේගොඩ විහාරස්ථානයකදී හෙට (11) දිනයේ සජබ නායකවරයාගේ නියෝජිතයකු හමුවීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවයේ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මේවනවිට ඇප මුදල් තැම්පත්කර ඇත.

ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් 11 වන ඉරිදා පෙ.ව. 11.00 ට අතුරුගිරිය, පෝරේ, අංක 201/7 යන ස්ථානයේ පිහිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වේ. 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්