leader s

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රතිඥා දුන් ඇතැම් පොරොන්දු ඉටු නොවීම නිසා සිදුවීමට ගිය ප්‍රබල පක්ෂ මාරුවීම් රැසක් මේ වනවිට නැවතී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

එසේම මේ වන විට විවිධ ප්‍රතිලාභ සහ පොරොන්දු මත පක්ෂ මාරු කිරීම් සිදු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිශ්ශබ්දව සිටින බවත් නැවත ඔවුන් සිටි කණ්ඩායම වෙත එකතුවීමටත් උත්සාහ දරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

පක්ෂ මාරු කිරීම සඳහා එකඟ වූ ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන අංක පවා වෙනස් කර ඇති බව දැනගන්නට ඇත. 

කෙසේ වෙතත් නැවත දේශපාලනය නොකිරීමට බහුතර පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

(deshaya.lk -ගයාන් ගාල්ලගේ)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්