leader s

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) දහවල් සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සජබ හා එජාපය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගේ නිවසේ පැවති මෙම සාකච්ජාව සමගි ජන බලවේගයේ මහ ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද සහභාගී වී ඇතැයි පැවසේ. 

එජාප හා සජබ එක පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා රුවන් විජේවර්ධන හා ලක්ෂමන් ෆොන්සේකා පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක දී සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ. 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්