leader s

විපක්ෂය හදන්න යන අලු‍ත් බලවේගයක මූලික කතාබහ මේ වෙද්දි ඇතිවෙලා.
 
දැන් පාර්ලිමේන්තුවේ නැති සහ ඉන්න උදවියත් මේකට සම්බන්ධයි කියලා ආරංචියි. 


විවිධ ක්ෂේත්‍රවල ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් මේකේ මූලිකත්වය අරන් ඉන්නවලු‍.

ඉහළම පෙළේ ජාත්‍යන්තර සබඳතා ඇති ආණ්ඩු ගණනාවක හිටපු ප්‍රබල ඇමැති කෙනෙක්, දැනට ක්‍රියාත්මක වන පක්ෂයක සභාපති කෙනෙක්, ජාතිකවාදී දේශපාලන නායකයෙක්, පොහොට්ටුවෙන් කැඩී ගිය ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙක් මෙන්ම විපක්ෂයේ ඉන්න ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුත් මේකට සම්බන්ධයි කියලා ආරංචියි. 

පුළුවන් වුණොත් සැප්තැම්බරයේ පවත්වන්න යන පළාත් සභා ඡන්දයට කලින් මේ සන්ධානය නිර්මාණය කිරීමටත්, සන්ධානය කලඑළි බැස්වීමටත් කට්ටිය කටයුතු කරමින් ඉන්නවලු‍. 

මේ සඳහා ප්‍රබලම රටවල් කිහිපයකුත් අනුග්‍රහය සහ ආධාර සපයනවලු‍. එහෙම වුණොත් විපක්ෂයේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙක් කැපෙන්න පුළුවන් කියලයි ආරංචිය.

| deshaya

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්