ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ හටගෙන තිබෙන අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
ඒ අනුව ස.ජ.බ මහලේකම් ධුරය, සභාපති ධුරය සඳහා අලුත් චරිත හඳුන්වාදීම කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
එහෙත් දැනට පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙන වග ද දැනගන්නට ඇත.
විශේෂයෙන් පසුගියදා ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කිරීමේදී පක්ෂ සභාපති ඉම්තියාස් බකීර් මාකර් නොසලකා හැර කනිෂ්ඨයකු ඊට පත් කිරීමෙන් පසු පැවති අර්බුදය උග්‍ර වී ඇත.
එසේම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන තුන්වැනි බලවේගයක් පිළිබඳව ද දැඩි විරෝධයක් එල්ල වී තිබෙන වග සඳහන්ය.
පක්ෂය පිහිටවූ පසු මුහුණදුන් ප්‍රධාන මැතිවරණ 4ම පරාජයට පත්වීම මන්ත්‍රීන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇතැයි ද කියැවේ.
| deshaya







