leader s

අලි පාටියේ පළාත් පාලන තරගයට ඉදිරිපත් වෙන්න ප්ලෑන් කරලා නාමයෝජනා ඉල්ලලා ලැයිස්තුවට දාපු බර සෙට් එකක් නාමයෝජනා අත්සන් කරන්න ගියාම සමහර තැන්වල අය නෑලු‍. ආසනේ ඉන්න ලොක්කෝ කෝල් දිදී මේ අය හෙව්වත් පැත්ත පළාතක නෝ කතාලු‍.

කොහොම වුණත් ලැයිස්තු හදලා බාරදෙන්න ගියාම අර හොයාගන්න බැරිවුණු කණ්ඩායම එක එක පැතිවලින් නාමයෝජනා දෙන්න ඇවිල්ල හිටියලු. සමහර අය දුරකථන පාටියෙලු‍, තවත් අය පුටුවෙන්ලු‍, තවත් අය පොහොට්ටුවෙන්ලු‍.

නාමයෝජනා හදාගන්න බැරුව හිටපු ලොක්කන්ට ඒක දැක්කම යකා නැග්ගලු‍. සමහර අය නම් ළඟට ඇවිල්ලා කිව්වලු‍ ”‍සර්... ඔය පක්ෂයේ දැන් අපිට ඉඩක් නෑ... කුම්භාණ්ඩයෝ අරගෙන ඉවරයි”‍ කියලා.

| deshaya


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්