leader s

පහුගිය දවසක මේ රටට වැදගත් විදේශීය අමුත්තෙක් ආවා කියමුකෝ.


උන්නැහේ ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවකටත් ආව වැදගත් හමුවීම් කිහිපයකට.

ඉතින් මේ අවස්ථාවේ ඉතාම රසවත් සිදුවීමක් වුණාලු‍.

මේ විදේශීය අමුත්තා එතැන තිබුණු සාකච්ඡාවේදී කතා කරන්නේ එයාගේ රටේ භාෂාවෙන්. අපේ රටේ අය කතා කරන්නෙ සිංහලෙන්.

එතකොට මේවා පරිවර්තනය කරන්න ඕනෙ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

කොහොම හරි මේ ගරුකටයුතු අමුත්තා එන්න ටික වෙලාවකට කලින් භාෂා පරිවර්තකයො එහෙම ඇවිල්ල පරිවර්තන කටයුතුවලට ලෑස්ති වුණා.

නමුත් එයාලා කරන පරිවර්තන අනෙක් අයට සවන් දෙන්න ඕනෙ කරන උපකරණ (හෙඩ් ⁣ෆෝන්) නැති බව තේරුණේ අන්තිමට.

කිසි කෙනෙක් ඒ ගැන මුලින් හොයලා බලලා තිබුණේ නැතිලු‍.

මේක ලොකු අත්වැරදීමක් වුණත් කොළේ ඉරාගන්⁣නෙ නැතුව වැඩේ කරගන්න ක්‍රමයක් හදිසියට සොයන්න වුණා.

මේ ගැන දසඅතේ කල්පනා කරපු එක්තරා ලොක්කකුට එකපාරටම ගණදෙවි නුවණක් පහළ වුණා.

ඒ අනුව එතන හිටපු නිලධාරියෙක් ළඟ තැනකට යවලා එතන තිබුණු කඩේකින් හෙඩ් ෆෝන් ටිකක් අරන් ආවා.

අන්තිමට ඒ හෙඩ් ෆෝන් ටික ටක් ටක් ගාල මාට්ටු කරල වැඩේ යන්තමට කරගත්තලු‍.

කොහොම වුණත් ඒ වගේ වැදගත් විදේශ අමුත්තෙක් එනකොට සොයා බැලිය යුතු දේ සොයා බැලු‍වේ නැත්තේ කවුද කියන එක ගැන කිසිම පියවරක් ගත්තේ නැතිලු‍.

ඒක වුණේ ලොකුම කෙනෙක්ගෙ වරදක් නිසා හින්ද කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නැති බවයි ඔය කන්තෝරුවේ පොඩ්ඩෝ කියන්නෙ.

 ඕක අපේ අතින් වුණා නම් පහත් තැනින් යයි ගලා ජලේ කියලා පොඩ්⁣ඩො රහසින් කිව්ව බවත් අපට ආරංචියි.

| deshaya

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්