කැබිනට් මණ්ඩලයේ ඇතැම් සටහන් මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි පැවසේ.
කැබිනට් මණ්ඩලය වෙතින් අනුමත කැබිනට් පත්‍රීකාවල පිටපත් අමාත්‍යංශ ලේකම්වරුන්වෙත ද ලබාදීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.
කෙසේවුවද කැබිනට් මණ්ඩලය විසින් ගනුලැබූ තීන්දු තීරණ කිහිපයක් මාධ්‍යවෙත ලැබී තිබීමේ සැකය මත මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ඇතැම් කැබිනට් පත්‍රීකා මුදා නොහැරීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි පැවසේ.







