රත්තොට සජබ සංවිධායක රංජිත් අලුවිහාරේ විසින් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුබ බණ්ඩාර ගේ ප්‍රතිපත්ති බල්ලා මාර්ක් දමා තමන්ගේ හිතවතිය හා ගෝලයා පලාත් පාලන සභිකයින් ලෙස පත් කොට ගෙන ඇත.
ඊයේ (26) අලුයම මාතලේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කර ඇති ලිපියකට අනුව උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා ඩී.ජී.නලීන්, ෂර්මනී කුමාරි ඒකනායක, ඉනෝකා චන්දිමා සහ අචලා රාජකරුණා සභිකයින් ලෙස පත්වේ.
උකුවෙලට මැයි 20 දින සජබ මහලේකම් විසින් පත් කරනු ලැබූ එස්.එල්.හනීපා උම්මා සහ හර්ෂනී කුමාරි රාජපක්ෂ ට ඒ අනුව සභික ධූර හිමි නොවේ. අතිරේක ලැයිස්තුවේ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලැබූ පත්මිණී, රංංජිත් අලුවිහාරේ විසින් ඉවත් කර ඇත.

රත්තොට ප්‍රාදේශීය සභාවට පත් කර සිටි මුවන්දෙණිය කොට්ඨාශයේ (නීල්) පුෂ්පකුමාර ඉවත් කර, මනාප ප්‍රතිශතය අනුව සිව්වන ස්ථානයේ සිටින විහාරගම කොට්ඨාශයේ නදිත් පෙරේරා පත් කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.
උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා පත් කර ඇති අචලා රාජකරුණා ලග්ගල නාඋල ස්ථිර පදිංචිකාරියකි. ඇය සජබ සම්මුඛ පරීක්ෂණ සඳහා දඹුල්ල ආසනයට ඉදිරිපත් විය. ඇයට උකුවෙල සභාව තුල ඡන්දය හෝ නැත.
දෙවන ඉහළම මනාප ප්‍රතිශතය ලැබූ සුමිත්‍රාට ද උකුවෙල සභික ධුරය අහිමි කිරීමේ ලිපිය මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇත්තේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.
දඹුල්ල ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිතව තිබුණේ හිටපු විපක්ෂ නායක සහ දිස්ත්‍රික් සංවිධායක සමන් මොරේමඩ මහතා ය. රංජිත් අලුවිහාරේ විසින් ඔහු ඉවත් කර අඩු මානප සහිත ප්‍රියරංජන පත් කර ඇත.
දඹුල්ල සංවිධායක චම්පක විජේරත්න ඉල්ලා අස්වූයේ අලුවිහාරේ පවුලේ මැදිහත්වීම නිසාය.
අලුවිහාරේ පවුලේ බලපෑම මත මාතලේ ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ප්‍රතිශතය ලැබූ ගාමිණී කොස්තා ද ඉවත් කර ඇත.
මෙම පුවතට අදාළ තවත් විස්තර
ඊයේ ඉල්ලා අස්වූ රංජිත් අළුවිහාරේ සහ අසෝක සේපාල අද යළි තනතුරු බාරගනියි !
සජබ ආසන සංවිධායකවරු රොත්තක් ඉල්ලා අස්වේ ! - රෝහිනී ලිපියක් ලියා විදේශගත වේ !!







