leader s

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සකස් කර, පහත් ගණයේ ප්‍රචාර පිළිබඳ සැලසුමක තොරතුරු හෙළිවී ඇතැයි 'ලංකා ට්රුත් ( lankatruth) වෙබ් අඩවිය අනාවරණය කර ඇත.


එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉලක්ක කර ගනිමින් කවර හෝ අවලාදාත්මක ප්‍රචාරක ව්‍යාපෘතියක් සතියට එක බැගින් මුදා හැරීමට සැලසුම්කර ඇත. මෙම සැලසුම වෙනුවෙන් සජිත් සහ නාමල් දෙදෙනාට අමතරව උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර වෙනම සූම් සාකච්ජා පවත්වමින් අදාළ ක්‍රියාමාර්ග දියත් කරන බව මේ වන විට හෙළිවී තිබේ.

එසේ සැලසුම් කළ ක්‍රියාමාර්ග දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, චමින්ද විජේසිරි, දිලිත් ජයවීර, ඩී.වී චානක, චාමර සම්පත් යන මන්ත්‍රීවරු මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තුව නොපැවෙත්වෙන සතිවලදී අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි පරිදි විවිධ ප්‍රචාර ගෙන යාමටද සැලකිලිමත්වී ඇති බව හෙළි වී තිබේ.''

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්