leader s

එළඹෙන සිකුරාදා (20) දිනයේදී සමගි ජන බලවේගයේ ප්‍රධානීන් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් එකම වේදිකාවකට ගොඩවන විශේෂ උත්සවයක් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.


එම උත්සවයට එක්සත් ජාතික පක්ෂය් නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත් එක්වීමට නියමිතව ඇති අතර, පක්ෂ දෙකේම අනෙකුත් නායකයන්ද ඊට එක්වනු ඇති බව දැනගන්නට ඇත.

එසේ මොවුන් එක්වීමට නියමිතව ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටි දැවැන්ත දේශපාලන චරිතයක් වූ ගාමිණී දිසානායක ගේ ජන්ම දින අනුස්මරණය කිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන විශේෂ සමරු උත්සවයකට බවද වාර්තා වේ.

ගාමිණී දිසානායක ගේ පුත්‍රයින් වන නවින් දිසානායක හා මයන්ත දිසානායක විසින් මෙම සමරු උත්සවය සංවිධානය කෙරෙන බව වැඩි දුරටත් පැවසේ.

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්